මීටර් 400 සහය දිවීමේ කණ්ඩායම මූලික තරගයෙන් එකට – මූලික තරග අතර හොඳම තෙවන කාලය

Date:

නිශ්මං රණසිංහ මැයි 29, කොළඹ LNW:

දකුණු කොරියාවේ ගුමී හී පැවත්වෙන ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ පිරිමි මීටර් 400 සහය දිවීමේ කණ්ඩායම අවසාන තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.ඔවුන් සහභාගි වූ දෙවන මූලික තරගයේ දි විනාඩි 3:07.66 ක කාලයක් වාර්තා කරමින් එම මූලික තරගයේ ප්‍රථම ස්තානය දිනා ගන්නට ශ්‍රී ලංකාව සමත් වුණා.


මේ වන විටත් ශ්‍රී ලංකාවට මීටර් 400 පිරිමි තරගයෙන් ලෝකඩ පදක්කම දිනා දෙමින් සහ මිශ්‍ර මීටර් 400 සහය දිවීමෙන් ලෝකඩ පදක්කම දිනා දීමට දායක වූ කාලිංග කුමාරගේ මෙම තරගයට ඉදිරිපත් නොකර පස්වරුවේ පැවත්වෙන අවසන් තරගය වෙනුවෙන් විවේක ගන්වා තිබුණා.ඒ අනුව මෙම තරගයේදී අරුණ දර්ශන,සදෙව් රාජකරුණා,සචින්ත සිල්වා සහ ඉඳූප සිල්වා ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලැබුවා.


දැනට ශ්‍රී ලංකාව අවසන් තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම් අතර හොඳම කාලය වාර්තා කළ තෙවන කණ්ඩායම ලෙස සිටින අතර පස්වරුවේ දී කාලිංගගේ සපැමිණිමත් සමඟ මේ කාලය තව දුරටත් යහපත් කර ගැනීමේ ඉඩක් ද පවතින බව පෙනෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෝටි 10 කොල්ලය : අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන් පස්දෙනා රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල රන් භාණ්ඩ වෙළඳසැල් දෙකකින් රුපියල් කෝටි...

අද (31) දීපව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල අද (31) උදෑසන 08.00 සිට දීපව්‍යාප්ත...

කලාව සහ රුධිරය සමඟ පොර බඳිමින් යුධ ඡායාරූපකරණයෙන් පන්නරය ලත් Don McCullin ගේ ශ්‍රේෂ්ඨතම ඡායාරූප!

සටහන – පුලී ඔක්තෝම්බර් 30, කොළඹ (LNW): යුධ ඡායාරූප ශිල්පීන්...