ඇමරිකාව චීන සිසුන්ගේ වීසා අවලංගු කිරීමේ තීරණය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය!

Date:

කොළඹ LNW:ඇමරිකාවේ අදාළ ප්‍රතිපත්තීන් හා ක්‍රියාවන් එරට සිටින චීන සිසුන්ගේ නීත්‍යනුකූල අයිතිවාසිකම්වලට හානි කරන බව චීන විදේශ අමාත්‍යාංශය පවසනවා.

චීන සිසුන්ගේ වීසා බලපත්‍ර අහෝසි කිරීමට ඇමරිකාව තීරණය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශික Mao Ning මහත්මිය අද(29) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළා.

දේශපාලනික වශයෙන් වෙනස් ජනවර්ග කෙරෙහි ඇමරිකාව වෙනස් අයුරින් සැලකීමේ ක්‍රියා එරට නිතර පෙන්නුම් කිරීමට උත්සාහ දරන ‘නිදහස හා විවෘතවීම’ විනාශ කිරීමකි.

එමගින් එරට ප්‍රතිරූපයට හා විශ්වසනීයත්වයට ද දැඩි හානි කවන බවයි චීනය පවසන්නේ. මෙවැනි තීරණ සම්බන්ධයෙන් තරයේ ම විරුද්ධ වන චීනය ඒ පිළිබඳව ඇමරිකාවට දැනුම් දී ඇති බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

දිනුෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...