Elf සමාගමින් ඩොලර් බිලියනයකට, හේලි ගේ Rhode මිල දී ගනී!

Date:

සටහන – පුලී
මැයි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 Elf බියුටි සමාගම ඩොලර් බිලියනයක (පවුම් මිලියන 740) ගනුදෙනුවකින් හේලි බීබර්ගේ Rhode සන්නාමය අත්පත් කර ගෙන ඇති බව සමාගම ප්‍රකාශ කරයි.

මාර්තු 31 වන දිනෙන් අවසන් වූ මාස 12 තුළ හේලිගේ Rhode හි ශුද්ධ ආදායම ඩොලර් මිලියන 212 (පවුම් මිලියන 157) ක් විය.

සමාගමේ නිෂ්පාදන අන්තර්ජාලය හරහා පමණක් ලබා ගත හැකි නමුත් මෙම වසර අවසන් වන විට උතුරු ඇමරිකාවේ සහ එක්සත් රාජධානියේ පිහිටි Sephora සමඟ වෙළඳසැල් තුළ හවුල්කාරිත්වයක් ආරම්භ කිරීමට ද සැලසුම් කරයි.

ජනප්‍රිය ගායක ජස්ටින් බීබර්ගේ බිරිඳ වන හේලී බීබර්, නිරූපිකාවක් සහ Rhode හි ප්‍රධාන ක්‍රියේටිව් ඩිරෙක්ටර් තනතුර හොබවයි.

ඇය 2022 ජුනි මාසයේදී ඇගේ මැදි නම වන Rhode යොදා ගනිමින් ආරම්භ කර ඇති අතර එතැන් සිට බ්ලෂර්ස්, වර්ණවත් ලිප් බාම් සහ ලිප් ලයිනර් ඇතුළත් පුළුල් පරාසයකට තමන්ගේ නිපැයුම් ගෙන යන ලදී.

මෙම සන්නාමය තරුණ පාරිභෝගිකයින් අතර ඉතාමත් ජනප්‍රිය වෙළඳ සන්නාමයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරණමඩු ජලාශය තවදුරටත් වාන් දමයි..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : මේ වනවිටත් ,...

අද (18) පාර්ලිමේන්තුව කැඳවීමට හේතුව ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අද (18)...

ගාසා තීරයේ අවතැන් වූ ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන්ගේ තත්ත්වය ශීත කුණාටු හේතුවෙන් තවත් නරක අතට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා...

ඩේවිඩ් පීරිස් වෙළද සේවා ක්‍රිකට් එක්ක නොදැවී 23 යි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: වෙළද සේවා ක්‍රිකට් තරගාවලියේ...