සයිබීරියානු බොරතෙල්වලින් පිරිපහදුවට මොනව වෙයිද ?

Date:

මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ වසාදමා තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අද ආරම්භ වේ. තෙල් පිරිපහදුව සඳහා අවශ්‍ය බොරතෙල් තොග ලැබුණේ මාස දෙකකට වැඩි කාලයකට පසුවයි.

තෙල් පිරිපහදුවේ කටයුතු අද ආරම්භ වුවද එය නිසිපරිදි සිදුකළ හැකිද යන්න සැකසහිත වී තිබෙනවා.

මෙතෙක් කල් ඉරාන සහ ඕමාන් බොරතෙල්, තෙල් පිරිපහදුව සඳහා භාවිතා කළ අතර මෙවර වෙනත් රටකින් ආනයනය කළ බොරතෙල්, ඉන්ධන පිරිපහදු කටයුතු සඳහා භාවිතා වේ. එසේ වෙනත් රටකින් ආනයනය කළ බොරතලේ භාවිතය හේතුවෙන් තෙල් පිරිපහදු කටයුතු නිසිපරිදි සිදුකළ හැකිද යන්න සැකසහිත වී තිබෙනවා.

බොරතෙල් ආනයනය අර්බුදයට යාම හේතුවෙන් මෙවර බොරතෙල් ආනයනය කර තිබෙන්නේ සයිබීරියාවෙනි. ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 75 ක් හෙවත් රුපියල් බිලියන 27 ක් වැයකර තිබෙනවා.

කෙසේ නමුත් විෂය බාර අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ සයිබීරියානු බොරතෙල් ප්‍රභේදය තෙල් පිරිපහදුව සඳහා ගැලපෙන බවයි. කෙසේ නමුත් පෙට්‍රල් නිෂ්පාදනය සිදුකළ හැකිද යන්න තහවුරු කර ගැනීමට නම් මෙහෙයුම් ආරම්භ කිරීමට සිදුවන බවද ඇමතිවරයා පවසනවා.

තෙල් පිරිපහදුවේ කටයුතු ආරම්භ කිරීමත් සමග දිනකට බොරතෙල් මෙට්‍රික් ටොන් 3500 – 4000 අතර ප්‍රමාණයක් භාවිතා කිරීමට නියමිතය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොවක් ආදරය කළ විනිසුරු ෆ්‍රෑන්ක් කැප්‍රියෝ සිය අවසන් හුස්ම හෙළයි!

සටහන – පුලී අගෝස්තු 21, කොළඹ (LNW): අග්න්‍යාශ පිළිකාවක් සමඟ දිගුකාලීනව...

ගාසා නගරය අත්පත් කර ගැනීම වෙනුවෙන් ප්‍රහාර ආරම්භ කළ බව ඊශ්‍රායල හමුදාව කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා නගරය මුළුමනින්ම...

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...