21 ට එරෙහි කුමන්ත්‍රණවලට විපක්ෂ නායක සජිත්ගෙන් ප්‍රහාරයක් !

Date:

සමගි ජන බලවේගය ගෙන ආ අංග සම්පූර්ණ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජයග්‍රහණය කරවීමට සමගි ජනබලවේගය කටයුතු කරමින් සිටින අතරතුරදී රාජපක්ෂලා සනසන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ආණ්ඩුව කුමන්ත්‍රණ සිදු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායකයා මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ ගම්පහ, ගාල්ල දිස්ත්‍රික් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සමග අද (29) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති වැඩසටහනක් අමතමිනි.

විධායකය අහෝසි කරන පළමු පියවර සඳහා කටයුතු කළයුතු අවස්ථාවක සමහර අවස්ථාවාදීන් රාජපක්ෂලා රකින්නට කටයුතු කරන බව කී විපක්ෂ නායකයා, මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙන ආ අංග සම්පූර්ණ 21 වන සංශෝධනයට එරෙහි කුමන්ත්‍රණ සහ දියාරු කිරීම් වහාම ආපසු හැරවිය යුතුයැයිද සඳහන් කළේය.

රටේ අරමුණ සහ ඉල්ලීම රාජපක්ෂලා ගෙදර යැවීම බව කී විපක්ෂ නායකයා ලුම්පත් කල්ලියක අරමුණ වන්නේ රාජපක්ෂලා ආරක්ෂා කිරීම බවද පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උද්ධමනයේ වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : පසුගිය නොවැම්බර්...

මහනුවර පරාජය සහ ක්‍රීඩා සමාජවලට ඡන්ද බලය ලැබිමේ පොප්සිකල් වින්දනයේ වර්ගඵලය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ රගර් ව්‍යවස්ථාව...

ඉන්දුනීසියාවේ මගී ප්‍රවාහන බස්රථ අනතුරකි 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 22 දින: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉන්දුනීසියාවේ...

මුහුණු පොත සෙල්ලමකට ගත් අයට පාඩමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22 , කොළඹ LNW : මුහුණු පොත...