*
Saturday, October 19, 2024
spot_img

Latest Posts

අතරමං නොවී කතරගම යාමේ අවශ්‍යතාවය

ශ්‍රී ලාංකේය ක්‍රීඩාව පාලනය කිරීම සඳහා දේශපාලනඥයාට ඇති බලය සම්බන්ධයෙන් මතු වී තිබෙන ගැටළු මේ වන විටවත් දේශපාලන කේෂ්ත්‍රයේ දී මෙන්ම නීති කේෂ්ත්‍රයේදී ද පුළුල් කතා බහකට ලක් විය යුතු මට්ටමකට පැමිණ තිබේ.ඒ රටේ ක්‍රීඩාව ජාත්‍යන්තරය ඉදිරියේ වාරණය වීමට ඇති ඉඩ මෙන්ම විහිළුවකට ලක්වීමට ඇති ඉඩද අවම කිරීම පිණිසය.

මේ වන විට ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර අවධානය සහ පහසුකම් වැඩිම ප්‍රමාණයක් හිමි වන ක්‍රීඩා දෙකක් වන පාපන්දු සහ රගර් ජාත්‍යන්තර තහනමකට ලක්ව ඇත.ක්‍රිකට් මේ මොහොතේ දි ක්‍රිකට් සඳහාම පමණක් නොව රටේ වෙනත් ආර්ථික කටයුතුවල පැවත්ම සහතික කර ගැනීම සඳහා ද උපකාරී වන තත්ත්වයක තිබියදීත්,දේශපාලන අතපෙවීම් හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන් වාරණයකට ලක් වීමට ඇති ඉඩක් නිර්මාණය වී ඇත.

ඒ අනතුරුකාරී තත්ත්වයට මේ මොහොතේ දී ජිම්නාස්ටික් ක්‍රීඩාවද එකතු වී ඇත.හිටපු ජිම්නාසිටික් සභාපතිවරයෙක්ට එහි සභාපති ධූරයට ඉදිරිපත්වීමට නොහැකි වන පරිදි එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ඔහු දැක් වූ කරුණු පදනම් කරගෙන හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ඉදිරිපත් කළ කරුණු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පිළිගෙන ඇත.එසේම නිලවරණ මෙහෙයවීමට පත් කළ කමිටුව විසින් ද පිළිගෙන ඇත.එසේ තිබියදී ඉදිරිපත් වූ විරෝධතාවයට අභියාචනා මණ්ඩලයක් පත් කර ඔවුන්ගේ නිර්දේශ නැවත ලබාගෙන එම පුද්ගලයාට නිලවරණයට ඉදිරිපත් වීම වළක්වා ඇත.ඒ වෙනුවට ක්‍රීඩා පණතේ ඇති බලතල ප්‍රකාරව අමාත්‍යවරයාගේ අනුමැතියෙන් පමණක් ඉදිරිපත් විය හැකි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට සභාපති තනතුරට ඉදිරිපත් වීමට අවසර ලැබී ඇත.

නිලවරණය පැවත්වීමට පත් කළ කමිටුව විසින් හිටපු සභාපතිවරයාට ඉදිරිපත් වීමට සුදුසුකම් සපුරා ඇති බව සනාත කර ඇත.එසේම එම නිලවරණ කමිටුව ඉතාම පැහැදිළිව දක්වා ඇත්තේ අමාත්‍යවරයාගේ අවසරය පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට 2023 අප්‍රේල් මස 27 වන දින නිලවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දී ඇති බවය.නමුත් එම නිලවරණ කමිටුවට අමාත්‍යවරයාගේ බලපෑමකට යටත්ව හෝ අමාත්‍ය ධූරයට ගරු කිරීමක් වශයෙන් එම ඉදිරිපත් කිරීම භාරගෙන ඇතත් නාම යෝජනා කටයුතු අවසන් වීමේ දිනය ලෙස දන්වා ඇත්තේ අප්‍රෙල් 18 වන දා ය.
එසේම අභියාචනා මණ්ඩලයේ නිර්දේශ නිකුත් වන්නේ මැයි මාසයේ 08 වන දා අමාත්‍යංශ ලේකම්වරයා විසින් අභියාචනා මණ්ඩලයට ඉදිරිපත් කරන ලද ලිපියකට අනුව බව සිතිය හැකිය.ඒ අනුව අභියාචනා මණ්ඩලය හිටපු සභාපතිවරයාගේ නිලවරණ අපේක්ෂකත්වය ප්‍රතික්ෂේප කරන්නේ ඊටත් පසු දිනකය.එය නිලවරණ කමිටුව නිලවරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද කොන්දේසි සහ සීමාවන් අභිබවා යම් ආකාරයකට එම කමිටුව අමාත්‍යවරයාගේ අභිමතයට නතු කර ගෙන ඇති බවට සැක සිතිය හැකි සාක්ෂිය.මෙැවිනම කාරණාවක හැඩයට පැවත් වූ පාපන්දු නිලවරණය අන්තිමට නැවතුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ පත්වීම සමඟම ජාත්‍යන්තර වශයෙන් තහනමකට ලක් වීමෙන්ය.

මේ කාරණය මේ මොහොත වන විට ඇත්තේ අධිකරණය හමුවේ ය.එහිදී ඉදිරිපත්වන තර්ක විතර්ක අනුව අවසානය විසඳෙනු ඇත.නමුත් මේ සියල්ල තුළ ඇති අමාත්‍යවරයාගේ අභිමතය පරිදි පත් කිරීමට හා ඉවත් කිරීමට නිර්දේශ කරන්නට සහ අනුමැතිය දෙන්නට ඇති බලය ජාත්‍යන්තර ක්‍රීඩාව ඉදිරියේ පිළිගන්නේ නැත.ඒවා අවසානයේ ජාත්‍යන්තර ක්‍රීඩා සංගම්වල නීතිමය කාරණාවන්ට අනුව හැසිරෙන්නට එහි දේශිය නියෝජිතත්වයට බලපෑමක් විය හැකි මට්ටමක් පෙන්නුම් කරන බැවින් ඔවුන් බලාපොරොත්තු වන්නේ ක්‍රීඩා අමාත්‍යවරයාට ඇති දේශපාලන බලයෙන් ක්‍රීඩාව නිදහස් විය යුතු බවය.අධික්ෂණය සහ සුපරික්ෂාවට ඇති ඉඩ බලපෑම් කිරීමට ඇති අයිතියට වඩා වෙනස් එකක් බව ලංකාවේ ක්‍රීඩාව ඇතුළේ දේශපාලනය කරන සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් තේරුම් ගෙන අලුත් මාර්ගයක් සකස් නොකරන්නේ නම් ක්‍රීඩාවට ජාත්‍යන්තර වශයෙන් ඉදිරි ගමණක් නැත.

ලංකාවේ සම්ප්‍රදායික දේශපාලනඥයාගේ හැසිරීම පුරවැසියන් විසින් ඔවුන් ට ලබා දෙන බලය හරකෙක් කැමත්තෙන් සිය ගෙලට කඹයක් දමා ගෙන දක්කපන් කියන ආකාරයේ එකක් යැයි සිතිමය.ඒ දැරිය නොහැකි බර ඔසවාගෙන යාම සඳහා පුරවැසියා විසින් දෙන බලය සම්බන්ධ භාවිතාවේදි දේශපාලකයා කණපිටට වැඩ කරන හැටිය.

මේ තත්ත්වය සාමාන්‍යයෙන් ක්‍රීඩා සංගම් සම්මේලන පරිපාලකයන් තුළින් ද මතු වෙනු දුලබ නැත.ක්‍රීඩාවේදී මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාට යටත්ව අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ හැසිරීමද සුලබ ය.ඒ නිසා යම් නියාමනයක් අවශ්‍යය වුව එය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අභිමතයට යටත්ව තැබීම භයානකය.තව දුරටත් ඇමතිට පණතට අත පොවන්ට ඇති ඉඩ පළල් කර ගැනීම වෙනුවට ජාත්‍යන්තරයට පෙනෙන පරිදි දේශපාලකයාගේ භූමිකාවේ බලපෑම්වලින් ක්‍රීඩා පනත දුරස් කර තැබිය හැකි සීමා අධ්‍යයනය කළ යුතුය.අපිට ඕනි විදිහට හිටපං කියන ස්වරය වෙනස් කර ලෝකෙට ඕනි විදිහට අපි ඉන්නෙ කොහොමද කියන කාරණය ගැන සොයන්නට ජාතික ඔලිමිපික් කමිටුව හරහා ක්‍රීඩා අමාත්‍යංශයේ නීති නිලධාරීන්ට ජාත්‍යන්තර ක්‍රීඩා නීතිය සම්බන්ධයෙන් පළල් අවබෝධයක් ලබා දෙන්නට කටයුතු කිරීම වටින්නේය.ඒ සඳහා සබඳතා ඇති කර ගැනිමට හැකි මිල අවම මාර්ගය එයය.

එසේ නොවී යන මේ ගමන් සම්බන්ධයෙන් කියන්නට ඇත්තේ දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ බවය.මේ තත්ත්වය තේරුම් ගෙන උද්ධච්ඡකමෙන් පහළට පැමිණ ක්‍රීඩාව වෙනුවෙන් හරි පාර තනා දෙන්නට ක්‍රීඩා අමාත්‍යවරයාට බුද්ධිය පහළ විය යුතුය.නැතිනම් ක්‍රීඩාව අතර මඟය.එය මේ මොහොතේ රටේ සමස්ත දේශපාලනයට ද ජාත්‍යන්තර වශයෙන් නුසුදුසුය.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan