ඊයේ ඇස්වලට මිස් වුණ රැස් අද හවසට….

Date:

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ නොවේය.දැන් එය අයිති ක්‍රිකට්වලටය.පොව පුරා සෑම ක්‍රිකට් ලෝලියෙක්ටම පාහේ තම රට වගේම අයිපීඑල් තරගාවලියේ ආදරය කරන කණ්ඩායමක් ද ඇත්තේය.ඒ නිසා ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ දෑස් ඉන්දියාව වෙත යොමුවීම නොවැළක්විය හැකිය.විවිධ විවේචන එල්ල වුණ ද,ඒ හරහා ක්‍රිකට් වෙත ලබා දෙන සැණකෙළි ස්වරූපය කවුරුත් වින්දනීය ආස්වාදයකට රැඟෙන යාම නොවැළක්විය හැකිය.
ඒ අනුව ඊයේ අහමදාබාද් වෙත යොමු ව තිබූ නෙත් ද අහමදාබාද් වෙත කඩා වැටුණ මහ වැස්ස මෙන්ම තෙත් ගතියක් ගත්තේය.සිය වීරයාගේ විශ්මිත හැකියාවන්වලින් පිනා යාමේ අපේක්ෂාවෙන් පෙළුණු මිනිසුන්ගේ අත්වලට පුරන්නට සිටිය සව්දිය වෙනුවට, බර කණගාටුවේ මත් බවක් දැනෙන්නට ගත්තේය.ඒ ඉරිදාව සඳුදාට හමු නොවන බව අපි දනිමු.ජීවත්වීමේ කාර්ය බහුල රාජකාරි හැඩය සැකසී ඇත්තේ ඒ ආකාරයටය.
එහෙත් වැඩා වැදගත් මාස ගණනක් ලොවම වින්ද ඒ අපූර්ව ක්‍රිකට් සැණකෙළිය පන්දු ඕවර් කිහිපයකින් අවසන් නොකිරිමය.එයට කවුරුත් අකමැතිය.ඒ නිසා වර්ෂාවේ ප්‍රතිපලයක් ලෙස අතිරේක දවසට කල් දැමුණ 2023 අයිපීඑල් අවසන් තරගය පැවත්වෙන්නේ අද ය.

අදත් වැස්සොත් කියන කාරණය මේ වන විට ලෝකයේ සෑම ක්‍රිකට් ලෝලියෙක් තුළම ඇති කර ඇත්තේ කණස්සලු සහගත කණගාටුවකි.නමුත් මේ වන විට අහමදාබාද් අහස ගැන නරක ආරංචි නැත.සවස මද සුළඟක් සමඟ සිසිල් තත්ත්වයක් ඇති විය හැකි නමුත් වැස්සක ලකුණු නැත.ඒ නිසා අද දෝනිගේ සමුගැන්ම අර්ථවත් සහ වර්ණවත් කරන්නට චෙන්නායි සුපර් කින්ග්ස් දරණ වෑයම සහ දෙවන වරටත් සිය ක්‍රිකට් අනාගතය වෙනුවෙන් අතිශයින් වැදගත් නායකත්ව ජයග්‍රහණයක් ලබන්නට හාර්ඩික් පාන්ඩ්යා සමඟ ගුජරාට් ටයිටන්ස් දරණ උත්සාහය ද ගැටෙනු ඇත.වැස්ස නැතත් මේ ගැටුම විජ්ජුලතාවන්නම් මවනු සැක නැත.තරගය අවසානයේ කවුරු දිනුවද ඒ විදුලි කෙටීම් සහිත ප්‍රහාරයන්ගෙන්,පන්දු යැවීම්වලින් එකතු කරන ආස්වාදය ගින්දර වගෙ මැච් එකක් කියන්නට තිබුණොත් එය ක්‍රිකට් ලෝලියාගේ ජයග්‍රහණයකි.

අපි ගින්දර වගෙ මැච් එකක් බලන්නට හවසට සූදානම් වෙමු.ඒ අපේක්ෂාවන් වැසි දියෙන් නිවී යන්නට නොදී රැකෙනු ඇතැයි අපේක්ෂාවෙන් මහ වැසි මැදත් පිටිය හැර නොයා සිටින මේ ප්‍රෙක්ෂකයන්ගේ පිංතූරය දිය කර දැමිය නොහැකි ක්‍රිකට් ආස්වාදය ගැන හොඳම නිදසුනකි.
ලංකාවට මේ තරගය වැදගත් වන්නේ ගුජරාට් කණ්ඩායමට දසුන් ශානකත්,චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට මතීෂ පතිරණ සහ මහේෂ් තීක්ශණත් ක්‍රිඩා කරන බැවින්ය.දසුන්ට ගුජරාට් කණ්ඩායමේ එකළොස් දෙනා අතරට ඒම දුෂ්කරය නමුත් දෝනිගේ කණ්ඩායමේ පන්දු යැවීමේ බල ඇණියේ ප්‍රධාන සෙන්පතියන්ව හැසිරෙන මතීෂ මෙන්ම තීක්ෂණ ද නිසා ලංකාවේ ඇස ද අද සවස ඉරිදාවක් නොවුණාට ඉරිදාවක් ආකාරයටම වින්දනීය හෝරා කිහිපයක රූපවාහිනි තිර තුළ අමුණා තබන්නට නොපසුබට වනු ඇත.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ දුෂණ හොයන්න විශේෂ විමර්ශන කමිටුවක්!

කොළඹ LNW:2010 - 2025 අතර කාලයේ සීමාසහිත ශ්‍රී ලංකන්...

STARLINK දැන් ශ්‍රී ලංකාවටත්!

සටහන – පුලී ජූලි 02, කොළඹ (LNW): ප්‍රකෝටිපති ව්‍යාපාරික එලොන්...