(VIDEO):රනිල්ගේ ආර්ථික පරිවර්තනේ පිස්සගේ පලා මල්ල වගේ – ඒක සිහින සාප්පුවක්!

Date:

කොළඹ LNW: ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආර්ථික පරිවර්තන පනත පිස්සගේ පලා මල්ල වගේ යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

පනත හරහා කිසිම ඉලක්කයක් නොමැතිව ආයතන පෙළක් ඇතිකර ළඟා කරගැනීමට නොහැකි ඉලක්ක ගොන්නක් ඉදිරිපත් කර තිබෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

එය සිහින සාප්පු පනත ලෙස නම් කළද වරදක් නොමැති බවයි ඔහු පවසන්නේ.

පනත හරහා ඇතිකර තිබෙන ආයතන බූවල්ලෙක් මෙන් ආර්ථිකය සිසාරා විහිදෙන අතර අවසානයේ සියල්ල ජනාධිපතිවරයාට කේන්ද්‍ර වන බව ගම්මන්පිල මහතා පෙන්වාදෙයි.

ඒ අනුව සමස්ත ආර්ථිකයේ පාලනය ජනාධිපතිවරයා අතට ගැනීමේ උත්සහයක් පවතින බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: රස-ගුණ සපිරි පාස්තා සැලඩ් එකක් රස විඳිමු! – Cool, Fresh, and Flavor-Packed: Pasta Salad You’ll Crave

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...