පිල් මාරුවේ දින වෙනස් වෙයි. ගාණත් වෙනස් වෙයි !

ජනාධිපතිවරණ උණුසුම වැඩිවෙද්දී මේ දවස්වල ලංකාවේ දේශපාලනයත් හරියට කාලගුණය වගේමයි. ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට වෙනස් වෙනවා.

මැයි 31 වෙනිදා විපක්ෂයෙන් ආණ්ඩුවට පිරිසක් එකතු වෙන්න නියමිතයි කියලා අපි මීට කලින් පුවතකින් කිව්වා. ගාණ හතක් කියලා තමයි කිව්වේ. කොහොම වුණත් මේ වෙද්දී කතාව පොඩ්ඩක් වෙනස් වෙලා ලු.

අලුත්ම ආරංචි අනුව පිල් මාරුව සිද්ධ වෙන්නේ පාර්ලිමේන්තුව රැස්වෙන දවසකදී. වැඩේ කෙරෙන විදිහ ගැනත් කතා දෙකක් තියෙනවා.

එකකින් කියවෙන්නේ ජුනි 04 වෙනිදා සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරු තුන්දෙනෙක් ආණ්ඩුවට එකතු වෙනවා කියලායි.

අනිත් කතාව අනුව ජුනි 03, 04 සහ 05 යන දිනවල එක්කෙනා බැගින් මේ අය සජබ ඉඳන් ආණ්ඩු පක්ෂයට එකතු වෙන්න ලු ඉන්නේ.

මේ අය අතරේ ජ්‍යේෂ්ඨ දේශපාලනඥයෙකුත් ඉන්නවා කියලා ආරංචියි.

කොහොමවුණත් ඔය පිල් මාරුව ගැන දැන් අවුරුදු දෙකක් තිස්සේ විටින් විට කියවෙන නිසා අවසන් මොහොත වෙනකල් හරියටම කියන්න බෑ. නමුත් මේ පාර නම් වැඩේ වෙනවාමයි කියලා තමයි ආණ්ඩුව පැත්තේ කට්ටිය කියන්නේ. බලාන ඉන්නයි තියෙන්නෙ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට උදෑසන කාලයේදීත් වැසි – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 12) දිනයේදී දිවයිනේ බොහෝ...

ගජමන් නෝනා අන්දරේ බලන්ට යයි

නෝනාගම හංදියේ හිටගෙන ඉන්නා නෝනාට මහ රෑ මැදියම වේරගම්පිටින්...

ඔය කට්ටියට බැරි නම් අපිම කරගන්නම් – ජනපතිගෙන් IOC, සයිනොපෙක්, ෂෙල් සමාගම්වලට රතු එළි

ලංකා IOC, සයිනොපෙක් සහ ෂෙල් යන මෙරට ක්‍රියාත්මක පෞද්ගලික...

නේපාලය නැවතත් ගංවතුර තත්වයකට මුහුණ දේ(video)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: නේපාලය නැවතත්...