චීනය සහ අරාබි රාජ්‍යයන් අතර ‘පංච සහයෝගිතා ක්‍රමවේදයක්’

Date:

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(30) බෙයිජිංහි පැවති චීන අරාබි රාජ්‍ය ස‍හයෝගිතා සංසදයේ 10 වැනි අමාත්‍ය සමුළුවේ සමාරම්භක උ‍ළෙලට සහභාගී විය.

අරාබි රටවල් සමග එක්ව අන්‍යෝන්‍ය සහයෝගය යටතේ චීන-අරාබි රාජ්‍ය සම්බන්ධතාව ලෝක සාමය හා ස්ථාවරත්වය සහතික කිරීමේ ආදර්ශයක් ලෙසට සංවර්ධනය කිරීම චීනයේ අපේක්ෂාවක් බව ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කළේය.

පොදු ඉරණමක් සහිත චීන-අරාබි රටවල ප්‍රජාවේ සංවර්ධනය කඩිනම් කිරීමට අරාබි රාජ්‍යයන් සමග ‘පංච සහයෝගිතා ක්‍රමවේදයක්’ ගොඩනැගීමට චීනය සූදානම් වන බව ද එහිදී සඳහන් විය.
.
එමෙන්ම දෙවැනි චීන අරාබි රාජ්‍ය ප්‍රධානීන්ගේ සමුළුව 2026 වසරේ චීනයේ පැවැත්වීමට නියමිතයි.

පලස්තීන රාජ්‍යයක් ස්ථාපිත කිරීමට චීනයේ ස්ථිර සහාය හිමි වන බවත්, පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබා ගැනීමට අනුබල දෙමින් ජාත්‍යන්තර සාම සාකච්ඡා පැවැත්වීමට චීනය සූදානම් බව එහිදී චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ලදී.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...