නිශ්මං රණසිංහ මැයි 30, කොළඹ LNW:
දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු මලල ක්රීඩා සූරතාවලියේ මීටර් 400 පිරිමි සහ කාන්තා සහය දිවීම්වලින් ශ්රී ලංකාව සතුව වැඩි බලාපොරොත්තු තිබුණේ පිරිමි සහය දිවිමේ කණ්ඩායම සම්බන්ධයෙන් වුවත්,එය ඉටු නොවිණි.එහෙත් කාන්තා මීටර් 400 ඉසව්වේදී ශ්රී ලංකා ක්රීඩිකාවන් ප්රදර්ශනාත්මක සටනක නියැලෙමින් එහි ලෝකඩ පදක්කමට උරුමකම් කියන්නට සමත් විය.මෙහිදී සයුරි මෙණ්ඩිස් සහ නිශේන්ද්රා ප්රනාන්දු දක්වන ලද සටන්කාමී ධාවනය කැපී පෙණුන අතර නිශේන්ද්රා අවසාන මීටර් 400 ධාවනයේදී ගුමී ධාවන පථය වටා රොක්ව සිටි ප්රේක්ෂකයන්ව මවිත කරන සුළු ධාවනයක යෙදෙමින් ඉදිරියට පැමිණියාය. ඇයට එම වේගය තව දුරටත් කල්පනාකාරීව පාලනය කිරීමේ අත්දැකීම තිබුණානම් ශ්රී ලංකාවේ පදක්කම ලෝකඩ හැඩයට වඩා ඉහළ හැඩයක් ගන්නටත් තිබිණ.
ශ්රී ලංකා කණ්ඩායම පළමු වටයට මුහුණ දී අවසන් තරගයට පිවිසි කණ්ඩායම් අතර හොඳිම කාලය අතින් තෙවන තැන සිටි අතර මූලික තරගයට ඉදිරිපත් නොවුණ පදක්කම් දෙකකට හිමිකම් කියූ කාලිංග ද අවසාන තරගයට එකතු වී සිටි නිසා පිරිමි සහය දිවීමේ කණ්ඩායම ගැන ශ්රී ලංකාවට තිබුණේ ඉහළ බලාපොරොත්තුවකි.එහෙත් ශ්රී ලංකා පිරිමි කණ්ඩායම අවසාන තරගයේ දී වාර්තා කළේ පළමු තරගයට වඩා දුර්වල කාලයකි.එය තත්පර දශම 89 ක පහත වැටීමකි.එයට මූලික වටයේදී දැක් වූ කාලයට වඩා විශාල ප්රගතියක් පෙන්වමින් කාටාරය, ඉන්දියාව සහ චීන කණ්ඩායම් දැක් වූ දක්ෂතාවල පීඩනය ද බලපාන්නට ඇත.
තනි මීටර් 400 ඉසව්වේ දක්ෂතාවය සහ මීටර් 400 සාමූහික ඉසව්වක දී ධාවකයාගේ හැසිරිම වෙනස් තැනෙක තැබෙන අතර එම අත්දැකීම්වල හිඟතාවයද ශ්රී ලංකා කණ්ඩායමෙන් ප්රදර්ශනය විය.මෙම සහය දිවීමේ කණ්ඩායම් දෙකට අමතරව ශ්රී ලංකාව වෙනුවෙන් පිරිමි උස පැනීම ඉසව්වට සහභාගි වූ ලෙසඳු අර්ථවිඳු මීටර් 2.10 දක්ෂතාවයෙන් නැවතිණ.ඒ අනුව ඔහුට තරගයේ අටවන තැනින් සෑහෙන්නට සිඳු විය.
