පුනරුදයෙන් ආනයනය කළ පළමු පොල්කිරි තොගය විවෘත කිරීම හෙට – වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

Date:

2025 මාර්තු මාසයේදී කැබිනට් මණ්ඩලය තීරණය කළ පරිදි ආනයනය කළ පළමු පොල් කිරි තොගය මේ වන විට නිෂ්කාශන කටයුතු හා රසායනාගාර පරීක්ෂාව සඳහා යොමුකර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසයි.

පොල් ගෙඩි මිලියන 200කට සමාන පරිමාවක පොල් ආශ්‍රිත නිෂ්පාදන වන ශිතකල පොල් මද, පොල් කිරි හෝ පිටි, කුරුට්ට සහිත කැබලි පොල් (කොප්පරා නොවන) ආනයනය සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහන යටතේ ගෙන්වන ලද පළමු තොගය ද වන බවයි අමාත්‍යාංශය පවසන්නේ.

මෙම තොගය විවෘත කිරිමේ අවස්ථාව හෙට (31) දින උදෑසන 9.00 ට RCT සංකීර්ණය, ඔරුගොඩවත්ත, ශ්‍රී ලංකා රේගු පරිශ්‍රයේදි සිදු කිරිමට නියමිත බවත් එම අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

එමෙන්ම, මෙම තොගය පොල් කිරි පිටි කර්මාන්තය සඳහා යොදාගැනිමට නියමිත බවත් මේ තුළින් කර්මාන්ත සඳහා අවශ්‍යය අමුද්‍රව්‍ය ලබා ගනිමින් දේශීය වෙළඳපොළ තුළ පොල් මිල පහත බසිනු ඇති බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවමත් ඇවිලෙන නන්පෙරියල්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : දින කිහිපයක සිට...

දෙවන කාර්තුවේ ධනාත්මක ආර්ථික වර්ධනයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද...

Clean Sri Lanka යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ!

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ...

සැඟව සිටින සම්පත් මනම්පේරි මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමට සූදානමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : පසුගිය දා මිද්දෙණිය...