අටලුගම දැරියගේ මරණයට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගනී !

Date:

අටලුගම ප්‍රදේශයේදී නව හැවිරිදි දැරියක ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන්නේ මියගිය දැරියගේ නිවස අසලම පදිංචි පුද්ගලයෙකි.

ඝාතනයට ලක් වූ දැරිය කුකුළු මස් මිලදී ගැනීම සඳහා, නිවසේ සිට මීටර් 200 ක් පමණ දුරින් පිහිටි වෙළඳසැලට ගිය අවස්ථාවේදී අතුරුදන් වූ අතර ඉන්පසු අසල පිහිටි මඩ ගොහොරුවක සඟවා තිබියදී දැරියගේ මළසිරුර හමුවිය.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අදාල ස්ථානයට යාබද ඉඩමේ කීරකොටුවක් පවත්වාගෙන යන පුද්ගලයෙකි. ඔහුගේ ඇඳ යටින් මඩ තැවරුණු සරමක්ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, මධ්‍යම,...

රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයකට විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයට (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයක්...

ගුවන් තොටුපොලේ තදබදය අඩුකරන්න රජයෙන් අලුත් විසඳුමක් ?

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පවතින මගී තදබදය අඩුකිරීම...