සිර දඬුවම් නියම වී සිටින ශෂී වීරවංශ ඇප ඉල්ලයි. සලකා බැලීම කල්යයි

Date:

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් වැරදිකාරිය වී සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය තමන්ව ඇප මත නිදහස් කරන ලෙස කර ඇති ඉල්ලීම සලකා බැලීම හෙට (31) දිනය දක්වා කල්තබා ඇති බව වාර්තා වේ.

ඒ මහත්මිය අදාළ නඩුවෙන් වරදකාරිය බවට තීන්දු කරමින් දෙවසරක සිරදඬුවම් හා රුපියල් ලක්ෂයක දඩයක් නියම කරමින් අදාළ නඩු තීන්දුව පසුගිය සිකුරාදා දිනයේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන ලදී.

එහිදී මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමේ කොන්දේසියට යටත්ව ඇයව ඇප මත නිදහස් කරන ලෙස ඇයගේ නීතීඥයින් එදිනම අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර එම ඉල්ලීම සලකා බැලීම අදට කල් තබා තිබිණි.

ඒ අනුව අද දිනයේදී තීන්දු වී ඇත්තේ එම ඇප ඉල්ලීම හෙට සලකා බැලීමට ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...