දේශබන්දු එන තෙක් බස්නාහිරට බැඩබලන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්

බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයෙහි වැඩබැලීම සඳහා නියෝජ්‍ය පොලිස්පති ඩී. ජේ. පලිහක්කාර මහතාව පත්කර තිබේ.

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා විසින් පත්කිරීම සිදුකර ඇත්තේ දින 14ක කාලයක් සඳහා පමණක් බලපැවැත්වෙන පරිදි බව සඳහන්.

ඒ අනුව අද සිට සති දෙකක් නිවාඩු ලබාගෙන සිටින බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නිවාඩු අවසන් කර යළි රාජකාරියට වාර්තා කරන තෙක් තාවකාලිකව මෙසේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුව පත්කර ඇති බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

මැයි 09 වනදා ගෝල්ෆේස් අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් දැඩි චෝදනා එල්ල වී සිටින දේශබන්දු තෙන්නකෝන් මහතාව බස්නාහිර පළාතෙන් මාරුකර යවන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව පොලිසියට දැනුම් දී තිබුණ ද පොලිසිය මෙතෙක් එය ඉටු කරන ආකාරයක් පෙනෙන්නටවත් නැත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදුලි වාහන සිහිනය යට සැඟවුණු බැටරි අර්බුදය: භාවිතයෙන් පසු බැටරිවලට මොකද වෙන්නේ?

තවමත් ලොව වැඩිපුරම භාවිත වන්නේ පෙට්ට්‍රල් හා ඩීසල් වලින්...

සලේගේ පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ජනවාරි 28ට කල් යයි!

කොළඹ LNW:අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ...

1765 ගැටුමේදී රැගෙන ගිය දුර්ලභ මහනුවර යුද අවි ගැන නෙදර්ලන්තයෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: ලන්දේසි යටත් විජිත හමුදා...