පිටකොටුවේ වෙඩිතැබීමක්. එක් අයෙකු මරුට !

අද (30) පෙරවරුවේ කොළඹ, පිටකොටුව, බැස්ටියන් මාවත ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.

මෙම වෙඩිතැබීමෙන් එක් අයෙකු මරණයට පත්ව ඇති අතර තවත් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN