*
Thursday, January 2, 2025
spot_img

Latest Posts

රාණි මැඩම්.. මෙන්න මේකටත් උත්තර දුන්නා නම් යහපති නේද?

ආචාර්ය රාණි ජයමහ සහ කෝප් කමිටුව..

රුපියල අවප්‍රමාණය වීම සහ පොලී අනුපාත ඉහළ යාම රාජ්‍ය හා පෞද්ගලික ණය, රාජ්‍ය මූල්‍ය, ආර්ථික වර්ධනය, රැකියා, උද්ධමනය සහ අනෙකුත් ප්‍රධාන සාර්ව ආර්ථික මූලධර්ම කෙරෙහි ඇතිකරන බලපෑම ඉකුත් 26 දින පැවැත්වූ කෝප් කමිටු රැස්වීමේදී සාකච්ඡාවට ගැනුනේ නැහැ; මහ බැංකු නිලධාරීන්ගෙන් ඒ ගැන ප්‍රශ්න කෙරුනේ ද නැහැ.

මුදල් මණ්ඩල සාමාජිකා ආචාර්ය රාණි ජයමහ මහත්මිය උනන්දු කළ පරිදි රුපියල අවප්‍රමාණය වූවහොත් ඉදිරියට සිදුවන්නේ කුමක්ද?

  1. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 01 කින් වත් අවප්‍රමාණය වූවහොත්, ඉන් රටේ ණයට එකතු කරන සමස්ත අගය රුපියල් බිලියන 51 කි. ඉන් ද රුපියල් බිලියන 35ක් ම රජයේ ණය යි. මෙහි ප්‍රතිඵලයක් ලෙස රජයේ ණය සේවා පවත්වා ගෙන යාමට තවතවත් බදු පැනවීමට රජයට සිදුවනු ඇති. එසේ නැතිවූවහොත් රජයට තවදුරටත් මුදල් මුද්‍රණය කිරීමට සිදුවනු ඇති.
  2. පාන්, ඉන්ධන, සිමෙන්ති, ගෑස්, සීනි, ඖෂධ සහ අනෙකුත් සියලු ආනයනික ද්‍රව්‍ය වල මිල ඉහළ යනු ඇති; ප්‍රවාහන ගාස්තු ද ඉහළ යනු ඇති.
  3. උද්ධමනය වැඩිවේවි, මහ බැංකුවට තවදුරටත් පොලී අනුපාත ඉහළ දැමීමට සිදුවේවි; ජනතාව තවතවත් සහන ඉල්ලාවි.
  4. රටේ ආර්ථික වර්ධනය තවදුරටත් විඳවාවි, මිනිසුන්ගේ රැකියා අහිමි වී ජීවිකාවන් කඩාවැටේවි.
  5. වර්ධනය බිඳවැටෙන විට, සියලු සාර්ව-ආර්ථික මූලධර්ම අහිතකර තත්ත්වයකට පත්වේවි, රටේ ණය ශ්‍රේණිගත කිරීම් තවදුරටත් පිරිහේවි; විදේශ විනිමය ණය සිඳී යාවි.
  6. බොහෝ ණයගැතියන් තම ණය පැහැර හරීවි, මෙමඟින් බැංකු ද ගැටළුවලට මුහුණ දෙන බැවින් මූල්‍ය පද්ධතියම වඩාත් අවදානමට ලක්වනු ඇති.
  7. රුපියල අස්ථායී වන විට, සෘජු විදෙස් ආයෝජන ද නතර වනු ඇති, බොහෝ ආයෝජකයන් අර “ඉවසා බලා සිටින්න” (wait and see) යන ආකල්පය අනුගමනය කරාවි.

එහෙත් අවාසනාවට, ආචාර්ය රාණි ජයමහ මහත්මිය කෝප් කමිටුවේ දී පළකළ ඒක-පාර්ශ්වික අදහස් අභියෝගයට ලක්කිරීමට කිසිවකුත් එම මොහොතේ සිටියේ නැහැ. ඇගේ අදහස් අගය කළ කෝප් සභාපති ද නිරායාසයෙන්ම ඈව වීරවරියක කිරීම පමණයි සිදුවූයේ.

කෝප් සභාපති, හෝ වෙනත් කිසිඳු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙම සරල කරුණ ඇගෙන් ප්‍රශ්න කර සිටීමට හා ඉහත මතුකළ ගැටළු වලට පිළිතුරු ලබා ගැනීමට තරම් දැනුමක් හෝ අත්දැකීමක් නොමැතිවීම අතිශය කණගාටුවට කරුණකි.

බොහෝ අභියෝගාත්මක සාර්ව ආර්ථික මූලධර්ම සමඟ ආර්ථිකයක් තුලනය කිරීම ඇතැමුන් සිතන තරම් පහසු කටයුත්තක් නොවේ. එහෙත්, පාර්ලිමේන්තුවේ සිටින මෝඩයන් ඇන්දවීම ඒ සියල්ලටම වඩා පහසුය!

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan