මගේම නොවන මගේ ණය ! ණය ගත්තෙ දයා ගමගේ නෙවෙයි දයා ඇපරල් ලු ! (Video)

Date:

තමා මහජන බැංකුවෙන් රුපියල් බිලියන 03 ක ණය ලබාගෙන වසර පහක් තුළ කිසිදු මුදලක් නැවත ගෙවා නොමැති බවට ශානකියන් රාසමානික්කම් මන්ත්‍රීවරයා එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ මහතා පවසනවා. තමා මහජන බැංකුවෙන් කිසිදු ණය මුදලක් ලබාගෙන නොමැති බවයි ඔහු මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ.

මෙම ණය මුදල ලබා ගත්තේ දයා ගමගේ වන තමා නොව දයා සමූහ ව්‍යාපාරය යටතේ ක්‍රියාත්මක දයා ඇපරල් නමින් තිබෙන සමාගමක් බවත්, ණය මුදල ලබා ගන්නා කාලසීමාව වනවිට එම සමාගමට තමාගේ කිසිදු හවුල්කාරීත්වයක් නොතිබූ බවත් දයා ගමගේ මහතා ප්‍රකාශ කරයි.

දයා ඇපරල් ආයතනය රුපියල් මිලියන 259 ක් හා ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් ආයතනය රුපියල් මිලියන 704 ක් ණය ලබාගෙන ඇති බවත් ඔහු පවසනවා. දයා ඇපරල් ආයතනය ලබාගත් ණය මුදලින් රුපියල් මිලියන 10 ක් ගෙවා ඇති බවත්, ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් ආයතනය රුපියල් මිලියන 200 කට වැඩි ප්‍රමාණයක් ගෙවා ණය අලුත්කර ඇති බවත් දයා ගමගේ මහතා සඳහන් කරනවා.

අලුත්කර ණය මුදල නිසි කාලයේදී ගෙවා ඇති බවත් ඉතිරි ණය මුදලද ඒ ආකාරයෙන්ම ගෙවා දැමීමට කටයුතු කරන බවත් ඔහු අවධාරණය කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...

නන්දන ඔබට සුභ ගමන්.

නන්දන ගුණතිලක සහෝදරයා ජාතියට සමුදෙමින් අවසන් ගමන් ගියා.නන්දන මිය...

වසර 15ක දිගු නිහැඩියාවකින් අනතුරුව ජපානය ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය නැවත විවර කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 15ක දිගු...