ජුනි මාසෙට ඉන්ධන ගේන්නවත් ඩොලර් නෑ – බලශක්ති ඇමති ඉන්දියාවේ ණය අපේක්ෂාවෙන්

Date:

ජුනි මාසයේදී රටට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම සඳහා හෝ ප්‍රමාණවත් ඩොලර් සංචිත මහ බැංකුව සතුව නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් අද ඇමතිවරයා සහ මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සාකච්ඡා පවත්වා තිබෙනවා. මහ බැංකු අධිපතිවරයා පවසා තිබෙන්නේ ඉන්ධන ගෙන්වීමට හෝ ඩොලර් ලබාදිය නොහැකි බවයි.

ජුනි මාසයේ ඉන්ධන අවශ්‍යතාවය සපුරාලීම සඳහා ඩොලර් මිලියන 554 ක් අවශ්‍ය වන අතර දැනට ඉන්දියාව විසින් ලබාදුන් ණය මුදල්වලින් මිලියන 100 ක් ඉතිරි වී තිබෙනවා. ඉතිරි මුදල් සොයා ගැනීමේ අර්බුදයකට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා මුහුණ දී සිටී.

අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ ඉන්දියාවෙන් තවත් ණය මුදලක් අපේක්ෂාවෙන් සිටින බවයි. ඊට අදාල සාකච්ඡා මේ වනවිටත් ආරම්භ වී ඇති බවද අමාත්‍යවරයා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

3I/ATLAS සම්බන්ධයෙන් නාසා ආයතනයේ නිහඬතාවය පිටසක්වල න්‍යායන් පෝෂණය කරන්නක් ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 29, කොළඹ (LNW): අභිරහස් අන්තර් තාරකා ආගන්තුකයෙකු...

බ්‍රසීලයේ ෆවෙලාහි හදීසි වැටලීමකින් පුද්ගලයන් 64ක් ජිවිතක්ෂයට; 81ක් දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ රියෝ...

පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...