සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමේ තීරණයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  නවතා දැමු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම සඳහා සාකච්ඡා ඇරඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර , ජනාධිපතිවරයා ජපානයේ සිදුකළ සංචාරයට පෙර එම තීරණය ගෙන තිබිණි .

අද (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

“පසුගිය කාල සීමාවේ ජපානය ශ්‍රී ලංකාවට ප්‍රධාන ආධාර සපයන රට බවට පත්වෙලා තිබුණා. නමුත් මෑත ඉතිහාසය තුළ දී ඇතැම් යෝජනා, ආධාර ව්‍යාපෘති ක්ෂණිකව නතර කිරීම නිසා සමහර කනස්සලු ස්වභාවයක් පැවතීම. නිවැරදි කිරීම සඳහා ජනාධිපතිතුමා අවශ්‍ය පසුතලය සකස් කරගෙන තමා ජපානයේ සංචාරයේ නිරත වුණේ. එතුමා ජපාන සංචාරයට පිටත්ව යෑමට කලින් නවතා දැමූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි සාකච්ඡා කිරීම අනුමැතිය ලබාගත්තා කැබිනට් මණ්ඩලයේ.

ඒ වගේම ජපන් සංචාරයට කලින් කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලබාගත්තා දෙරටක් අතර යම් ගිවිසුමක් අත්සන් කළොත් ආධාර හා වෙනත් ආයෝජන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නත් ඉන් අනතුරුව ව්‍යාපෘතියක් නතර කිරීමක් සිදුකරන්නේ නම් පාර්ලිමේන්තු අනුමැතියෙන් තොරව සිදුකරන්න බැරි වෙන ආකාරයේ විශ්වසනීයත්වය පිළිබඳ සහතිකයක් අරන් තමා එතුමා ජපන් සංචාරයේ නිරත වුණේ. ඒ නිසා යළිත් ශ්‍රී ලංකාව පිළිබඳව විශ්වසනීයත්වයක් රාජ්‍යයන් අතර ඇති කරන්නත් රාජ්‍යයන් අතර මිත්‍රත්වය වැඩිකර ආර්ථික සහයෝගීතාවය වැඩිකර ගන්නත් අදාළ වන ඵලදායි විදෙස් සංචාරයක නිරත වු බව එතුමා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා…”
                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...

රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා...

එක්සත් රාජධානිය සරණාගතයින් වෙනුවෙන් ගත් දැඩි තීරණය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානිය විසින්...