මහා මුදල් කොල්ලයකට අවශ්‍යකර සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලිස් දැළේ!

Date:

රෂිකා හෙන්නායක මැයි 31, කොළඹ LNW :

රු. කෝටි 21ක මුදලක් කොල්ලකෑමේ අපරාධයකට අවශ්‍යකර සිටි සැකකරුවන් දෙදෙනෙකු වෙල්ලම්බොඩ පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ. පසුගිය 08 වනදා වෙල්ලම්බොඩ පොලිස් වසමේ පදිංචි පුද්ගලයෙකුට රත්‍රං අලෙවි කරන මුවාවෙන් පැමිණ එම පුද්ගලයා බියගන්වා පහර දී අදාළ නිවසේ තිබූ මුදල් සැකකරුවන් විසින් කොල්ලකා පලා ගොස් තිබුණු බව වාර්තා වේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණය වෙත ඉදිරිපත් වී ඇති බවයි. 

ඔවුන් දෙදෙනා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණ වී ඇත. ඒ අනුව අදාළ සැකකරුවන් දෙදෙනා ලබන මස 06 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව වාර්තා වේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වෙලම්බොඩ පොලීසිය මගින් ක්‍රියාත්මක බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...