රුසියානු ඉන්ධන ආනයනය තුනෙන් දෙකක් කපා හැරීමේ යෝජනාව සම්මතයි

Date:

යුක්රේන අර්බුදය හේතුවෙන් රුසියාවට පනවා ඇති සම්බාධක තවදුරටත් පුළුල් කිරීමට යුරෝපා සංගමය පියවර ගෙන තිබෙනවා. යුරෝපා සංගමය වෙත ඉදිරිපත් වූ 06 වැනි සම්බාධක පැකේජය බහුතර සාමාජිකයන්ගේ ඡන්දයෙන් සම්මත වී තිබේ.

ඒ අනුව යුරෝපා රටවල් රුසියාවෙන් ආනයනය කරන බොරතෙල් සහ ඉන්ධන ප්‍රමාණය තුනෙන් දෙකකින් කපා හරිනු ඇත. රුසියානු ඉන්ධන සඳහා පූර්ණ තහනමක් පැනවිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වූ නමුත් හංගේරියාව ඊට විරුද්ධත්වය පළකර තිබේ. ඒ අනුව ඉන්ධන ආනයනය තුනෙන් දෙකකින් කපා හැරිය යුතු බවට යෝජනාව සංශෝධනය කර ඇති අතර එ් සඳහා හංගේරියාවේ එකඟතාවය හිමි විය.

මීට අමතරව රුසියාවේ විශාලතම බැංකුවට සහ රාජ්‍ය මාධ්‍ය ආයතන දෙකකටද යුරෝපා සංගමය සම්බාධක පනවා තිබේ.

ඉන්ධන ආනයනය තුනෙන් දෙකකින් සීමා කිරීමට යුරෝපා සංගමයට අයත් රටවල් තීරණය කිරීම රුසියානු ආර්ථිකයට දැඩි බලපෑමක් වනු ඇත. රුසියාව විසින් නිපදවන බොරතෙල්වලින් වැඩි ප්‍රතිශතයක් මිලදී ගන්නේ යුරෝපා සංගමයට අයත් රටවල් විසිනි. නව තීරණය අනුව රුසියාවට එක්කෝ බොරතෙල් කැණීම් සීමා කිරීමට සිදුවනු ඇත. එසේ නැතහොත් නව පාරිභෝගිකයන් සොයා ගැනීමට සිදුවනු ඇත.

මෙම තත්වය ලෝක බොරතෙල් වෙළඳපොලට දැඩි බලපෑමක් සිදුවනු ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස සැළකිය යුතු මට්ටමකින් බොරතෙල් මිල පහත වැටීමටද හැකියාව තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව එක්දින පිටියේ ඉදිරි පිම්මක් සමඟ සිම්බාබ්වේට

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම...

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීගේ ඝාතනයට අදාළ සැකකරුවකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 12 කොළඹ LNW : හෝමාගම ප්‍රාදේශීය සභාවේ...

ඩෙංගු උණ සීග්‍රයෙන් ව්‍යාප්තවීම හේතුවෙන් රටවල් කිහිපයක ජාතික හදිසි අවස්තාවක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පැසිෆික් දූපත් පුරා...

චිචි ගේ සුප්‍රීම් සැට් එකට වෙච්ච දෙයක් නෑ. ලංකාවේ නමින් චන්ද්‍රිකාවක් අයි ටී යූ දත්තවල නැහැ!

කොළඹ LNW:ඉන්ටර්නැෂනල් ටෙලිකොමියුනිකේෂන් යුනියන් දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ නාමය...