*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

එහෙන් මෙහෙන් අටවගත්ත ආණ්ඩුවට ජාත්‍යන්තරයේ පිළිගැනීමක් නෑ, හිඟන්නෙක් ගාණටවත් අපිව ගණන් ගන්නෙ නෑ – හර්ෂ ද සිල්වා

රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් අටවාගෙන ඇති ආණ්ඩුවට ජාත්‍යන්තරය තුළ කිසිදු පිළිගැනීමක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා. මෙම තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව සතු කීර්තිනාමයට දිගුකාලීනව දැඩි හානියක් සිදුවන බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

මේ වනවිට ශ්‍රී ලංකාව සිඟන්නෙකුගේ තත්වයෙන් හෝ සළකා ආධාර කිරීමට කිසිදු පාර්ශ්වයක් ඉදිරිපත් නොවන බවත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ආධාර සපයන සංවිධාන මෙන්ම, ඉතිහාසය පුරා ශ්‍රී ලංකාවට අර්බුදවලින් ගොඩඒම සඳහා උපකාර කළ ජපානය වැනි රටවල් පවා ආධාර ලබාදීම ප්‍රතික්ෂේප කරමින් සිටින බවද හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ආධාර ලබා ගැනීමට නම් ස්ථාවර පාලනයක් ඇතිකර යළිත් ජාත්‍යන්තරයේ විස්වාසය දිනාගත යුතු බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ ඒ සඳහා ඇති හොඳම විකල්පය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පාර්ශ්වවල සහභාගීත්වයෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම බවයි. ඒ හරහා රටතුළ දේශපාලන ස්ථාවරත්වය ගොඩනගා ඇති බවට පණිවුඩයක් ලබාදිය හැකි බවත් ඉන් අනතුරුව ආධාර ලබා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුකළ හැකි බවත් ඔහු සඳහන් කරනවා.

ආර්ථිකය ශක්තිමත් කිරීම, අර්බුද සමනය කිරීම සඳහා විවිධ කමිටු පිහිටුවා ඇති නමුත් ඔවුන් බොහෝවිට කල්පනා කරන්නේ ඉතා ඈත අනාගතයක් පිළිබඳව යැයි මන්ත්‍රීවරයා පවසනවා. ඈත අනාගතය පිළිබඳව නොව ඉදිරි මාස 03 ක කාලයට අවශ්‍ය ඉන්ධන, ගෑස්, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව සියල්ලටම කලින් සොයා බැලිය යුතු බව ඔහු අවධාරණය කරනවා.

මේ වනවිට බොහෝ සංවිධාන, රටවල් ආධාර හෝ ණය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඉන්දියාව පමණක් දිගින් දිගටම ණය ලබාදෙමින් සිටී.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan