ඊයේ (30) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 407 කි.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇත. එහි නව මිල රුපියල් 478ක් වේ.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ, රුපියල් 495කි.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයේ මිල රුපියල් 24කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 434ක් වේ.
ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල රුපියල් 285ක් වන බවයි තෙල් සංස්ථාව නිවේදනය කර ඇත්තේ.



