*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

රාජ්‍ය පොසොන් උත්සවය සඳහා රජය දරණ වියදම

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):   ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත්කරමින් දන්වා සිටින්නේ
රාජ්‍ය පොසොන් උත්සවය සඳහා රජයේ දායකත්වයක් නොලැබෙන බවට විවිධ පාර්ශ්වයන් ගෙන යන චෝදනා මුළුමනින්ම සාවද්‍ය බවත්,  රජයේ අමාත්‍යාංශ 02ක් සහ එක් දෙපාර්තමේන්තුවක් මගින් පමණක් රුපියල් මිලියන 28.8ක මුදලක් (රුපියල් ලක්ෂ 288ක්) මිහින්තලා පොසොන් වැඩසටහන් වෙනුවෙන් ලබාදී ඇති බවයි .

1963 වර්ෂයේ දී ආරම්භ වූ ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව එතැන් සිට වාර්ෂිකව පුරා වසර 59ක් ආලෝක පූජාවට, සති පිරිතට, පෙරහැරට සහ චෛත්‍ය පින්තාරු කිරීම සඳහා මූල්‍යාධාර ලබාදීම සිදුකර ඇති අතර ,  2020 / 2021 කොවිඩ් කාලසීමාවේදී සහ 2022 වර්ෂයේදී ද පිළිවෙළින් රුපියල් මිලියන 4.6ක්, රුපියල් මිලියන 2.3ක් හා රුපියල් මිලියන 2.9ක් වශයෙන් ආධාර ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ලේක්හවුස් ආයතනය 2018 වර්ෂයේ සිට අඛණ්ඩව පාඩු ලබන ආයතනයක් බවට පත්වී ඇති අතර, 2022 වර්ෂයේ මූල්‍ය අලාභය රුපියල් මිලියන 192කි.

ජනාධිපති මාධ්‍ය අංශය තවදුරටත් සඳහන් කරන්නේ, ලේක්හවුස් ආයතනය පාඩු ලැබීම හේතුවෙන් මෙවන් වැඩසටහන් සඳහා අනුග්‍රාහකත්වය ලබාදීමේ හැකියාවක් මේ වර්ෂයේ නොපවතින බව කළමනාකාරිත්වය විසින් මිහින්තලා පොසොන් කමිටුව දැනුවත් කොට ඇති බවයි .

එසේම 2019 වසරේ සිට 2023 වසර දක්වා මිහින්තලා රජමහා විහාරස්ථානයේ පැවති පොසොන් මිහිඳු පෙරහර සඳහා බුද්ධශාසන අමාත්‍යාංශය විසින් දරණ ලද වියදම් වාර්තාවක් ද ලේකම්වරයා විසින් ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව  2019 වසර සඳහා රුපියල් 4,810,000ක්, 2020 වසර සඳහා රුපියල් 380,000ක්, 2021 වසර සඳහා 940,000ක්, 2022 වසර සඳහා රුපියල් 2,150,000ක් අමාත්‍යාංශ්‍ය විසින් මිහින්තලා රජමහා විහාරස්ථානයේ පොසොන් මිහිඳු මහා පෙරහැර සඳහා ලබාදී ඇති බවද සඳහන් කරයි.

තවද, ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ , මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් මිහින්තලා පොසොන් පෙරහැර සඳහා පමණක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා මගින් රුපියල් ලක්ෂ 170ක ඇස්තමේන්තුවක් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කර තිබුණු බවයි .

නමුත් , රටේ පැවති ආර්ථික දුෂ්කරතා හමුවේ පනවනු ලැබූ නව මූල්‍ය රෙගුලාසි අනුව එතරම් විශාල මුදලක් වෙන් කිරීමට නොහැකි බවත් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු සම්මත වැය ශීර්ෂයට අනුව 2023 පොසොන් මිහිඳු පෙරහැර සඳහා රුපියල් ලක්ෂ 31ක මුදලක් ලබාදීමට අනුමැතිය ලැබී ඇති බවත් , අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත.

                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan