ශ්‍රී ලංකාවට පිතිකරුවන් ගැන සතුටු වෙන්න බැරි ජයක්

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 01, කොළඹ (LNW): ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය ආරම්භ කිරීමට පෙරාතුව තිබෙන ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් පුහුණු තරගයෙන් අයර්ලන්තය පරදවා ලකුණු 41 ජයක් ලබන්නට ශ්‍රී ලංකාවට හැකි වුණා.එහෙත් ශ්‍රී ලංකා පිතිකරුවන් ගැන සතුටු විය හැකි ජයක් හැටියට එම ජයග්‍රහණය හැඳින්විය හැකියි.ප්‍රමාණාත්මක පරිදි වගකීම් සහගත පිතිකරණයක් නොපෙන්වමින් කඩුලු ලබා දීම එහිදී දුර්වලකමක් ලෙස හැඳින්විය හැකියි.ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දී රැස් කළ කඩුලු 8 ලකුණු 168 තරගාවලියේ මේ දක්වා තණතීරුවල හැසිරීම ගත් විට දුර්වල ලකුණු සටහනක් කීමට නොහැකි වුව ද,තව කඩුලු නොදී පීඩනයකින් තොරව ලකුණු රැස් කිරීමට ඉඩ තිබුණු බව අපේ විශ්වාසය වෙනවා.


ඇන්ජලෝ මැතිව්ස් අවසාන පන්දු ඕවරයේ ලකුණු 17 ක් එකතු කර නොගන්නට ශ්‍රී ලංකාවේ ලකුණු සටහන 168 ක් දක්වා පොහොසත් නොවන බව පැහැදිළියි.පිතිකරුවන් වේගයෙන් පහර දීම හැරෙන්නට කඩුලු රැකගෙන වේගවත් වීමේ උවමනාව තේරුම් ගෙන නොමැති බව දකින්නට ලැබීම මෙහිදී දකින්නට ලැබුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඇමෙරිකානු පරිසරයට අනුගත වීමට වෙනත් කණ්ඩායම්වලට නොලැබුණු අවස්ථාවක් ලබා දීමට කටයුතු කර තිබියදී එහි ප්‍රතිපල පලදායක ලෙස නොදැකීම කණගාටුවට කරුණක්.කෙසේ වුවත් තරගාවලිය සම්බන්ධ එක පුහුණු තරගයකදී ඇරෙන්නට කිසිඳු පුහුණු තරගයක විශාල ලකුණු සටහන් වාර්තා නොවීම අනුව මෙම තරගාවලිය පිතිකරුවන්ගේ ආක්‍රමණයට වඩා පන්දු යවන්නන්ගේ අණසක පැතිරෙන තරගාවලියක් විය හැකි බව පැහැදිළි කරනවා.


එහෙත් පරාජිත නෙදර්ලන්ත තරගාවලියේ දී මෙන්ම දුෂ්මන්ත චමීර අයර්ලන්තයට එරෙහිව යවන ලද පළමු පන්දු ඕවරයේදීම දැඩි ප්‍රහාරයකට ලක් වුණා.නෙදර්ලන්ත තරගයේදී පන්දු යැවීමෙන් වැළකී සිටි මහේෂ් තීක්ෂණ සහ නායක වනිඳු හසරංග ඊයේ පන්දු යවමින් කඩුලු ලබා ගැනීමට දායක වුණා.
දෙදෙනාම කඩුලු දෙක බැඟීන් ලබා ගත්තත් ඒ අතරින් කැපී පෙණුනේ මහේෂ් තීක්ෂණයි.ඔහු පන්දු ඕවර් 4 සඳහා ලබා දුන්නේ ලකුණු 14 ක් පමණයි.එහෙත් වනිඳූ හසරංග වැඩිම ලකුණු ලබා දුන් පන්දු යවන්නා වෙමින් කඩුලු දෙක සඳහා පන්දු ඕවර් 4 වෙනුවෙන් ලකුණු 40 ක් ප්‍රතිවාදීන්ට ලබා දුන්නා.කැපි පෙණුනම පන්දු යැවීමේ දායකත්වය පෙන්නූ දසුන් ශානක පන්දු ඕවර් 3.2 දී ලකුණු 23 ට කඩුලු 4 ක් ලබා ගැනීමට සමත් වුණා.මතීහ පතිරණ පන්දු යැවීමට පිවිසෙමින් පන්දු ඕවර් 3 ක් යවමින් ලකුණු 13 ක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ලක් ලබා ගැනීමට සමත් වුණා.


ශ්‍රී ලංකාව තරගාවලිය ආරම්භ කරන්නේ ජූනි 3 වන දායි.ඒ දකුණු අප්‍රිකාව සමඟයි.නිව්යෝර්ක් හී දී පැවත්වෙන මෙම ක්‍රීඩා පිටිය මේ වන තුරු ලෝක කුසලාන පුහුණු තරගයකදී යොදා ගෙන තිබුණේ නැහැ.එහෙත් අද යම් කිසි ආකාරයකින් මේ ක්‍රීඩා පිටිය ගැන දළ අදහසක් ගන්නට එහි පළමු වරට පැවත්වෙන් ඉන්දියා – බංගලාදේශ පුහුණු තරගයෙන් ඉඩ ලැබෙනු ඇති.


මෑත කාලයේ දී බංගලාදේශය පරාජය කරමින් ඇමෙරිකාව දක්ෂතා දැක් වූ විස්සයි විස්ස තරගාවලියේ දී ද කිසිඳු තරගයක් සඳහා නිව්යෝර්ක් පිටිය භාවිතා කෙරුණේ නැහැ.මෙවර ලෝක කුසලානය වෙනුවෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යටතේ ඉදි වුණ මේ ක්‍රීඩාංගණයේදී මූලික වටයේ තරග 8 ක් පැවත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.එහි ක්‍රීඩාව ආරම්භ කිරීමේ අවස්ථාව ලබමින් පළමු විස්සයි විස්ස නිල තරගය පැවත්වීමේ දී, එක් පාර්ශවයක් වීමට ශ්‍රී ලංකාවට ලැබුණු අවස්ථාව,නිව්යෝර්ක් හී මෙඩොව් ඊස්ට් හී පිහිටි නාසොව් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉතිහාසයේ කෙසේ සටහනු වනු ඇද්දයි අප සුබවාදීව බලා සිටිනවා.
මේ වන විට ෆ්ලොරිඩාවේ පිහිටි ලෝර්ඩ්හිල් පිටිය ආසන්නයේම පුහුණුවීම්වල නිරතවෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට පැය දෙක හමාරක ගුවන් ගමණකින් ඉනික්බිතිව දකුණු අප්‍රිකාවට මුහුණ දීමට නිව්යෝර්ක් වෙත ළඟා වීමට සිඳු වෙනවා.


පහත දැක්වෙන්නේ අයර්ලන්තය සමඟ පැවති තරගයේ ලකුණු විස්තරයට පිවිසිය හැකි සබඳතාවයයි.
https://es.pn/3wPOiBI

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...