NPP එක තාමත් ඉන්නේ ළිඳේ ඉන්න මැඩියෝ වගේ – තිස්ස

Date:

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ එකිනෙකාගේ කතා පරස්පර වන අතර ඔවුන් තාමත් ඉන්නේ ළිඳේ ඉන්න මැඩියෝ වගේ යැයි සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

ඔවුන්ට ආර්ථික ප්‍රතිපත්තියක් ඇත්ද යන්න සැක සහිත වන අතර ඔවුන් ආර්ථික විවාදය මඟහරිමින් සිටින බවයි අත්තනායක මහතා සඳහන් කරන්නේ.

ජාතික ජන බලවේගයේ ජාත්‍යන්තර ආයෝජන ගැන විශ්වාසයක් තැබිය නොහැකි බවද මන්ත්‍රීවරයා කියා සිටියි.

”අද ජාතික ජන බලවේගයට ආර්ථික ප්‍රතිපත්තියක් තියෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන් ආර්ථික විවාදය මග අරිනවා. අනුර ළඟදි කියනවා අපේ ආර්ථික ප්‍රතිපත්තිවල පරස්පරතා තියෙනවා කියලා. අපිට එහෙම පරස්පර එකක් නෑ. නලින්ද ජයතිස්ස කියනවා අපේ නායකයින් කටින් කියන එක තමයි අපේ ආර්ථික ප්‍රතිපත්තිය කියනවා. එහෙම එකක්නම් ඉතාම භයානකයි. අනුරගේ මුදල් ඇමති සුනිල් හදුන්හෙත්ති අමුතු කතා කියනවා. ඔහු කියනවා විදේශ ඉන්න අයගෙන් ඩොලර් එකතුකරනවා කියනවා. විදේශ ණය අත්හිටුවනවා කියනවා. සුනිල් හදුන්හෙත්ති මුදල් අමාත්‍යවරයා කියනවා ඉලෝන් මස්ක් කියන්නේ ආර්ථික ඝාතකයෙක් කියලා. ඉලෝන් මස්ක් කියන්නේ ලෝකය පරිවර්තන කරපු කෙනෙක්. මෙහෙම මැටි මොලවල් එක්ක ගමනක් යන්න බෑ. ජාතික ජන බලවේගය තවම ඉන්නේ ළිඳේ ඉන්න මැඩියන් වගේ. ඇත්තටම ජාතික ජන බලවේගයේ ජාත්‍යන්තර ආයෝජන ගැන විශ්වාසයක් තියන්න බෑ. ජාත්‍යන්තර ණය ගෙවන්නේ නෑ කියලා ජාත්‍යන්තරය දිනාගන්න පුලුවන්ද?” යනුවෙන් තිස්ස අත්තනායක මහතා වඩිදුරටත් පවසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TASTY TUESDAYS: ලෝකෙ වටේ යන ගමනේ ඊජිප්තුවේ Koshari (Discover the Magic of “Koshari” — Egypt’s Ultimate Comfort Bowl)

සටහන – පුලී නොවැම්බර් 18, කොළඹ (LNW): කොම්ෆර්ට් ආහාරවලට රජෙක් සිටියා...

අනතුරු ඇඟවීම් යතාර්ථයක් බවට පත්වූ වගයි: කෘතිම බුද්ධිය බිල්බෝර්ඩ් සංගීත දර්ශකය ද ආක්‍රමණය කරයි!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 18, ලෝකය (LNW): මෙම සතියේ සංගීත ලෝකයේ...

තංගල්ලේ වෙඩි තැබීමක්: අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : අද (18)...

මහින්දට 80 යි : මහින්ද ඉගෙනගත යුතු පාඩම සහ මහින්දගෙන් ඉගෙනගත යුතු පාඩම ….

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...