පොදු පෙරමුණේ අලුත්ම ආරංචිය!

Date:

සමගි ජන බලවේගයෙන් 20ක් නොගත්තොත් අපි වෙනම අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරනා බව පොහොට්ටුව ජනාධිපතිවරයාට දන්වා ඇති බව වාර්තා වේ..

සමගි ජන බලවේගයෙන් අඩු තරමින් මන්ත්‍රීවරුන් විස්සක් ආණ්ඩුවට සම්බන්ධ කර නොගතහොත් වෙනම ප්‍රබල අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සූදානම් වෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ජූලි මස අග  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමුළු කිහිපයක් පැවැත්වීමට විධිවිධාන යොදවා ඇති අතර පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එම සමුළුවකදී අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබීමට නියමිත බව දැනගන්නට ඇත.


සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එකතු කර ගැනීම සඳහා ජනාධිපතිවරයාට යම් කාලයක් ලබා දී ඇති අතර එම කාලය ඉක්මවා යාමෙන් පසු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කිරීමට ඇතැයි ද පැවසේ.


අපේක්ෂකයෙකු තීරණය කෙරෙනු සමගි ජන බලවේගයෙන් මන්ත‍්‍රීවරුන් සැලකිය යුතු ප්‍රමාණයක් ආණ්ඩුවට සම්බන්ධ කරගන්නා බවට ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරු කිහිප දෙනෙක් දේශපාලන වේදිකාවලදී පසුගිය කාලය පුරා ප්‍රකාශ කළහ.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ අපේක්ෂකයන් සම්බන්ධ සාකච්ඡා දිගටම පැවැත්වෙන බවයි.


ජනාධිපතිවරණයට අදාළ සියලුම ප්‍රචාරක වැඩ කටයුතු දැනටමත් අරඹා ඇති බවත්, පක්ෂයේ කාන්තා සහ තරුණ සමුළු ද ඉදිරි මාසයේදී පැවැත්වීමට නියමිත බවත් ලේකම්වරයා කීය.
 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා යෝජනා වී ඇති නම් අතරින් ව්‍යවසායක ධම්මික පෙරේරා මහතාගේ නම එම පක්ෂ නායකයන්ගේ ඉහළ අවධානයට යොමු වී ඇතැයි ද දැන ගන්නට ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...