කොළඹ අවදානම් සහිත ගස් හඳුනාගෙන ඉවත් කිරීම සඳහා විශේෂ කණ්ඩායම් 5ක්!

0
264

රෂිකා හෙන්නායක ජුනි 01, කොළඹ LNW :

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ තද වැසි සහ සුළං හේතුවෙන් ගස් සහ අතු කඩා වැටීම්, 35ක් පමණ වාර්තා වේ.

ඉන් වැඩි ප්‍රමාණයක් පෞද්ගලික ඉඩම් ආශ්‍රිතව වාර්තා වී ඇති බවත්, විහාර මහාදේවි උද්‍යානයේ ගස් හා අතු කඩා වැටීම් 10ක් වාර්තා වී ඇති බව කොළඹ මහ නගර සභාව සඳහන් කළේය.

කොළඹ මහ නගර සභාව සඳහන් කළේ , අවදානම් සහිත ගස් හඳුනාගෙන ඉවත් කිරීම සඳහා විශේෂ කණ්ඩායම් 5ක් යොමු කර ඇති බවයි.