ඔස්ට්‍රාවා ධාවනයෙන් යුපුන් ට පස්වන තැන

Date:

චෙක් ජන රජයේ පැවති ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් 2022 තරගාවලියේ සුපිරි මීටර් 100 ඉසව්වෙන් තර වැඳුණු ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්ට පස්වන ස්ථානය හිමි වුණා.තරගය සඳහා හයවන මංතීරුවේ සිට තරග වැදි යුපුන් තත්පර 10.08 ක කාලයක් වාර්තා කරන්නට සමත් වුණා.බොහෝ දෙනෙක් මෙම තරගයේදී ජැමෙයිකාවේ සුපිරි ධාවන සූර යොහාaන් බ්ලේක් දක්ෂතා අතරට එතැයි බලාපොරොත්තු වුව දතෙවන මංතීරයේ ධාවනයේ යෙදුණ ඔහුට සිඳු වුණේ තත්පර 10.05 ක කාලයකින් තරඟය නිම කර දෙවන ස්ථානයට පත් වීමටයි.

අටවන මං තීරුවෙන් තරගයට පිවිසි එංගලන්තයේ රීස් ප්‍රෙස්කොඩ් තරගයේ ආරම්භයේදී හොඳම ආරම්භය ලබා ගැනීමට සමත් වූ අතර එහි ආරම්භක ප්‍රතිචාරය දැක් වුණේ තත්පරයට 0.135 ක් ලෙසයි.තරගය පුරා එහි වාසිය තබා ගත් ප්‍රෙස්කොඩ් තරගය නිමා කිරිම සඳහා තත්පර 9.93 ක් ගත කළා.තරගයේ තරග වැදි ක්‍රීඩකයින් අතරින් ප්‍රමාදම ප්‍රතිචාර දැක්වීම සටහන් කර තිබුණේ යුපුන් වන අතර එය 0.159 ක් ලෙස සටහන් වුණා.යම් ආකාරයක එම තත්ත්වය යහපත් වූවා නම් පස්වන ස්ථානයෙන් ඉහළට පැමිණෙන්නට හැකියාවක් ඇති බව සිතිය හැකි නමුත් මේ සඳහා තරඟ වැදුණේ ලෝකයේ කෙටි දුර ධාවනය සඳහා ප්‍රකාට සහ අත්දැකීම් ඇති ධාවකයන් බැවින් යුපුන් පෙන් වූ දක්ෂතාවය ඉහළ කොට සැළකිය හැකියි.

මෙම තරගයේදී ක්‍රීඩකයින්ට ප්‍රතිවිරුද්ධ දෙසට හැමූ සුළඟේ වේගය තත්පරයට මීටර් -1.2 ක් ලෙස සටහන් වූ බැවින් ක්‍රීඩකයින්ට එයින් වේගයට අමතර වාසියක් අත් වුණේ නැහැ.කෙසේ නමුත් මෙවැනි විශිෂ්ඨයන් තරග වැදීම සඳහා වැඩි වැඩියෙන් හමුවන්නට හමුවන්නට යුපුන්ගේ වේගය ඉතා ඉහළ මට්ටමකින් කළමණාකරණය වන්නා සේම එය වර්ධනයට ලැබෙන පිටුවහලද පුළුල් වනු ඇති.

තරගයේ ස්ථානය,,අවසන් කරන ලද කාලය,තරග වැදි මං තීරුව මෙන්ම ප්‍රතිකීයක වේගයඇතුළත් නිල ප්‍රතිපල සටහන මෙන්ම තරග අවසානය සඳහන් වන තාක්ෂණික ඡායාරූපයද මේ සමඟ දැක්වෙනවා.ඒ ඇසුරින් යුපුනු පෙන් වූ තරගකාරීත්වය මෙන්ම තරගයේ තීරණයට බල පෑ යම් යම් තාක්ෂණික කාරණාද පැහැදිළි කර ගැනීමට හැකියි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන – ඊශ්‍රායල යුද්ධයේ නව ප්‍රවණතා හා හැරවුම්…..?

අශෝක ජයතුංග ජූනි 18 වොෂින්ටන් LNW : 🍎ඊශ්‍රායලය කෑ සුපරිම කෑම.?🍎මොසාඩ්...

2025 පළමු කාර්තුවේ ආර්ථිකය වර්ධනය වුනේ කොහොමද ?

මෙම වසරේ (2025) පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය 4.8%ක...

වැසි තත්වය තවදුරටත් වෙනස් වෙයි – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 18) දිනයේදී බස්නාහිර සහ...

නරක තොණ්ඩමන් හොඳවෙයි. මාලිමාව තොණ්ඩමන් සමග එක්ව සභා දෙකක බලය පිහිටුවයි !

ජාතික ජන බලවේගය ජීවන් තොණ්ඩමන්ගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු...