21 ගේන්න කලින් ගෝඨා ඉවත් උනොත් අතිශය භයානකයි – වාසු (Video)

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයේ සිටියදීම 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදි‍රිපත් කර සම්මත කරගත යුතු බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

යම් හෙයකින් ව්‍යවස්ථා සංශෝධනයට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත් වුවහොත් බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමේ අවදානමක් තිබෙන බවත්, එසේ වුවහොත් එය අතිශය භයානක තත්වයක් වනු ඇති බවයි හිටපු ඇමතිවරයා පෙන්වා දෙන්නේ. බැසිල් රාජපක්ෂ මහතා අන්ත දක්ෂිණාංශික පුද්ගලයෙකු බවත් දේශපාලනික වශයෙන් මධ්‍යස්ථ පුද්ගලයෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා තබා ගැනීම වාසිදායක බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

21 වැනි සංශෝධනය තුළ අන්තර්ගත ප්‍රධානතම කරුණු දෙකෙන් එකක් වන්නේ ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව අහිමි කිරීම බවත්, එය සම්මත වූ පසු බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවෙන් ඉවත්වීමට සිදුවන බවත් පෙන්වා දෙන වාසුදේව නානායක්කාර මහතා පවසන්නේ එසේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවෙන් ඉවත්වීමෙන් පසු පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත මත සුදුසු පුද්ගලයෙකු ජනාධිපති පුටුවට පත්කර ගත හැකි බවයි.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ සිටින තුරු කුමන හෝ කුමන්ත්‍රණයක් සිදුවිය හැකි බවත්, ඔහු විස්වාස කළ නොහැකි දේශපාලන කුමන්ත්‍රණකරුවෙකු බවත් නානායක්කාර මහතා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...