21 ගේන්න කලින් ගෝඨා ඉවත් උනොත් අතිශය භයානකයි – වාසු (Video)

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයේ සිටියදීම 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදි‍රිපත් කර සම්මත කරගත යුතු බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

යම් හෙයකින් ව්‍යවස්ථා සංශෝධනයට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත් වුවහොත් බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමේ අවදානමක් තිබෙන බවත්, එසේ වුවහොත් එය අතිශය භයානක තත්වයක් වනු ඇති බවයි හිටපු ඇමතිවරයා පෙන්වා දෙන්නේ. බැසිල් රාජපක්ෂ මහතා අන්ත දක්ෂිණාංශික පුද්ගලයෙකු බවත් දේශපාලනික වශයෙන් මධ්‍යස්ථ පුද්ගලයෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා තබා ගැනීම වාසිදායක බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

21 වැනි සංශෝධනය තුළ අන්තර්ගත ප්‍රධානතම කරුණු දෙකෙන් එකක් වන්නේ ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව අහිමි කිරීම බවත්, එය සම්මත වූ පසු බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවෙන් ඉවත්වීමට සිදුවන බවත් පෙන්වා දෙන වාසුදේව නානායක්කාර මහතා පවසන්නේ එසේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවෙන් ඉවත්වීමෙන් පසු පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත මත සුදුසු පුද්ගලයෙකු ජනාධිපති පුටුවට පත්කර ගත හැකි බවයි.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ සිටින තුරු කුමන හෝ කුමන්ත්‍රණයක් සිදුවිය හැකි බවත්, ඔහු විස්වාස කළ නොහැකි දේශපාලන කුමන්ත්‍රණකරුවෙකු බවත් නානායක්කාර මහතා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාල විරෝධතාකරුවන් හිටපු අගමැතිගේ බිරිඳ පණපිටින් පුළුස්සා දමයි !

සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(09)දිනයේදී නේපාලයේ තරුණ...

ඊශ්‍රායලය කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගුවන් ප්‍රහාර එල්ල කරයි

සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(09) දිනයේදී...

මේ වසර තුළ පොලිස් නිලධාරීන් 350 කගේ වැඩ තහනම් කර තිබෙනවා – ඇමති ආනන්ද

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා ගතවූ කාලය...