ඉන්න තැනකින් හොයලා දුමින්ද අත්අඩංගුවට ගන්න – ජනාධිපතිගෙන් රහස් පොලීසියට උපදෙස්

Date:

සිටින තැනකින් සොයා දුමින්ද සිල්වා මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමව සිටි දුමින්ද සිල්වා මහතා ජනාධිපති සමාව යටතේ නිදහස ලැබූ අතර ඊට එරෙහිව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබිණි.

අදාල පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම විභාගයට ගෙන අවසන් වනතෙක්, ජනාධිපති සමාව යටතේ දුමින්ද සිල්වා මහතා නිදහස් කිරීමට ගත් තීරණයට අත්හිටුවීමට තීරණය කළේය. ඔහු වහාම අත්අඩංගුවට ගන්නා ලෙසටද නියෝග කර තිබිණි.

මේ අතර නීතිපතිවරයාද ලිපියක් මාර්ගයෙන් පොලිස්පතිවරයාට නියෝග කර තිබෙන්නේ අධිකරණ නියෝගයට අනුව වහාම දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට ගන්නා ලෙසයි.

දුමින්ද සිල්වා මහතා මේ වනවිට දිවයිනේ නොසිටින අතර පසුගිය දිනවලදී මාධ්‍ය වාර්තා කළේ ඔහු විදෙස්ගත වූ බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිමී 50ක පමණ තරමක් තද වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 26) දිනයේදී උතුරු, උතුරු-මැද,...

ගින්නෙන් උපන් සීතල 2 අධ්‍යක්ෂණයට ප්‍රසිද්ධ දේශපාලනඥයින් තිදෙනෙක් ???

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවකට

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ...