දුමින්ද සිල්වාට වලිප්පුව!

Date:

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කර ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබිණි. ඔහු එම රෝහලේ 18 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ වලිප්පුව හෙවත් අපස්මාර රෝගී තත්වයක් හේතුවෙන් ඔහු රෝහල්ගත කර ඇති බවයි.

දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් කණ්ඩායමක් රෝහල වෙත ගොස් ඇති බවද වාර්තා විය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසන්නේ සැකකරුට බරපතල රෝගී තත්වයක් නොමැති නම් ඔහු අත්අඩංගුවට ගන්නා බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය අදයි!

රෂිකා හෙන්නායක ජූලි 27 කොළඹ LNW : ශ්‍රී ලංකා...

පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිගෙන් ඉල්ලීමක්!

ශ්‍රී ලංකාව ඓතිහාසික වශයෙන් දායදය ලත් ථේරවාද බෞද්ධ...

විශිෂ්ට දරුවන් ඇගයීම අද (27) නැගෙනහිරදී…

රෂිකා හෙන්නායක ජූලි 27, කොළඹ LNW : මඩකලපුව, ස්වාමි විපුලානන්ද...