ආණ්ඩුව පැමිණි විගසම මිලියන හයසීයක් බදු සහන ලබා දී සුළු පිරිසක් සැනසූ බවත් ඒ නිසාම අද රටක්ම වැනසී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටලු පිළිබදව සාකච්ඡාවක් අද (30) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි. ඒ, කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යවසායකයින් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතරය.
මේ රටේ උද්ගතව ඇති අර්බුදය පිළිබඳව වසර දෙක හමාරක් තිස්සේ පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් හඬ නැගූ බව පැවසූ විපක්ෂ නායකයා, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳවද එහිදී සිය අවධානය යොමු කළ බවද පැවසීය.
රට තුළ උද්ගතව තිබෙන්නේ අමුතුම තත්වයක් බවත් ඉතිහාසයේ කිසිදු අවස්ථාවක මුහුණ නොදුන් ගැටලු ප්‍රමාණයකට මුහුණදීමට ශ්‍රී ලාංකික ජනතාවට සිදුව ඇති බවත් පෙන්වා දෙන විපක්ෂ නායකයා පවසන්නේ, විසඳුම් සෙවීමටද සාම්ප්‍රදායික ක්‍රමවේදවලින් බැහැර වී නවීන පන්නයේ ක්‍රමවේදය අනුගමනය කළයුතු බවයි.
UN