සිරගතව සිටින හිටපු ඇමති නලින් ප්‍රනාන්දුට සහනයක් හිමි වෙයිද?

කොළඹ LNW:සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමක් කරුණු තහවුරු කරගැනීම සඳහා ජුනි 13 වැනි දින කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14000 ක් සහ දාම් ලෑලි 11000 ක් ආනයනය කර බෙදාහැරීම තුළින් රජයට රුපියල් මිලියන 39 ක පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු ඇමති නලින් ප්‍රනාන්දුට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ..

කෙසේවෙතත් කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙසඉල්ලමිනුයි අදාළ පෙත්සම ගොණු කර ඇත්තේ.

එම පෙත්සම අද (01) පී. කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩුවකට වරදකරු කළ සිය සේවාදායකයාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් බරපතළ වැඩ සහිත වසර 30 ක් සිරදඬුවමක් නියම කර තිබෙන බවයි.

එසේ තිබියදී නීතිපතිවරයා විසින් එම චෝදනා සම්බන්ධයෙන් තවත් නඩුවක් ගොනු කර ඇති බව ජනාධිපති නීතිඥවරයා කරුණු දක්වා තිබේ.

එලෙස එකම චෝදනාවකට දෙවතාවක් නඩු පැවරීම නීතියට පටහැනි හෙයින් මෙම කරුණ සම්බන්ධයෙන් සිය සේවාදායකයා මහාධිකරණ නඩු විභාගයේදී මූලික විරෝධතා මතු කළද මහාධිකරණ විනිසුරුවරයා එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළ බවද ජනාධිපති නීතිඥවරයා පවසා ඇත.

ඒ අනුව විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන චෝදනා පත්‍ර නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබෙන බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කර තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජූනි මස 17 වනදා කැදවන ලෙස නියෝග කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...