සමාජ සංහිඳියාවට පහර දෙන්න එපා – සංජීව එදිරිමාන්න

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW) : සමාජයේ සියලුදෙනාගේ ආගමිකත්වය, ජාතිකත්වය, සංස්කෘතික අනන්‍යතා රැකගෙන ජිවත්විය හැකි සමාජයක් ගොඩනැගිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පැවසීය.

ඒ පිළිබඳ අදහස් දැක්වූ   සංජීව එදිරිමාන්න මහතා,

“මේ දිනවල රටේ වැඩිම සංවාදයට ලක්වෙමින් තිබෙන මාතෘකා කිහිපය අතරේ එකක් මේ ජාතීන් සහ ආගමික කණ්ඩායම් අතර සංහිඳියාවට එල්ලවෙන විවිධ බලපෑම් සම්බන්ධ කාරණාවන්. අපි මේ ආගමික සහජිවනය වැනි තත්වයක් කළමණාකරණය කළ යුත්තේ ආගමික සහජිවනය බිඳුණු තැන නිසැකවම ගැටුමක් ඇතිවීමේ අවධානමක් පවතින නිසා. ආගමික සහජිවනය බිඳෙන ඕනෑම ආකාරයක ප්‍රකාශයක්, ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක් එතනදීම ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම හෝ කිසියම් ආකාරයක සාධාරණ මැදිහත්වීම තුළ නතර කරගත යුතුමයි ඉන්පසු තත්වය ඊට වඩා ගැටලුසහගත විය හැකි බැවින්. සමාජයක් විදිහට අපි පහුගිය කාලයේ හිටපු අමුතු නූතනවාදිත්වයක් ආරෝපණය කරගත්ත ආණ්ඩු විරෝධීන්ගේ එක්තරා පොදු ලක්ෂණ පද්ධතියක් අපි දැක්කා. අපි එදත් කිව්වා ඒ අය විරුද්ධ මේ ආණ්ඩුවට සහ මේ රටේ පාලකයින්ට විතරක් නොවේ සමස්ථ රාජ්‍යයටමයි ඔවුන් මේ විරුද්ධ වන්නේ කියලා.

ඒ වගේම ඔවුන් දිගින් දිගටම කියන්න උත්සහ කළා ඔවුන් දේශපාලනය තුළ සමාජ සබඳතාවන්වලට අදාළව මානව සබඳතා පවත්වාගැනීමට අදාළව ආණ්ඩුකරණයට අදාළව මහා නූතනවාදි අදහස් දරණ කණ්ඩායමක් විදිහට ඔවුන් පෙනි සිටින්න උත්සහ කළේ. හැබැයි මේ නූතනවාදය ඇතුළේ කවදාවත් අනෙකාට අපහස කිරීම වැරදි කියන එක ඔවුන් තේරම් ගන්න නැහැ. ඔවුන් අනෙකා දරන මතය සම්බන්ධයෙන් ඔවුන් තුළ තිබෙන්නේ අසාමාන්‍ය වෛරයක්. තමන් හරි කියලා විශ්වාස කරන එක හැර අනෙකුත් සියලුදේ පිිළිබඳව ඔවුන්ට තිබෙන්නේ වෛරයක්. ඒ නිසා මේ නූතනවාදිත්ව සලුව පොරොව ගත්ත පිරිසට අපි කියන්නේ ඔබ නිවැරදි යැයි විශ්වාස කරන පාරේ ඔබ යන්න. ඔබ කැමති ආගමක් අදහන්න. ඔබ කැමති නම් ආගමක් අදහන්නේ නැතිව ජිවත්වෙන්න. හැබැයි මේ සමාජයේ අනෙකාගේ ආගමිකත්වයන්ට, ජාතිකත්වයන්ට, සංස්කෘතික අනන්‍යතාවන්ට ගරු කරන්න.

අපි සියලුදෙනා උත්සහ කළයුත්තේ අපි හැමෝගෙම ජාතික, ආගමික, සංස්කෘතික අනන්‍යතා රැකගෙන ජිවත්විය හැකි සමාජයක් ගොඩනැගිමයි.  රාජපක්ෂ පාලනය ජාතික සංහිඳියාව සම්බන්ධයෙන් කිසියම් ආකාරයක අහිතකර මැදිහත්විම් කරා කියලා තමයි ඇතැමුන් චෝදනා කළේ.  නමුත් මේ රටේ ජාතික සංහිඳියාව, ආගමික සමගිය, සියලුදෙනා එකට ජිවත්වීමේ බරපතලම තින්දුව ගත්තේ රාජපක්ෂ පාලනයේ යුද්ධය අවසන් කිරීමත් එක්ක. ත්‍රස්තවාදය තමයි  ජාතික සමගියට තිබුණු ප්‍රමුඛතම බාධාව. ත්‍රස්තවාදය ඉවත් කිරීම තුළ තමයි සියලුදෙනාම සැනසිල්ලේ ජිවත්විය හැකි සමාජයක් නිර්මාණය වුණේ. එතනින් පසුව අපිට තිබුණේ අනෙකුත් තත්වයන් ගොඩනඟා ගන්න. හැබැයි පහුගිය ආණ්ඩු විරෝධි ක්‍රියාවලියේ ඔවුන් විසින් ඉදිරිපත් කළ මේ රාජ්‍යයේ සුහද පැවැත්මට අනිවාර්යයෙන්ම එරෙහිවයි කටයුතු කරන්න. මේ සියලුදෙනාගෙන් අපි ඉල්ලන්නේ සමාජයේ තිබෙන සුහඳත්වයන්ට, සංහිඳියාවන්ට පහර නොදි තමන් කැමති දේශපාලනයත්, තමන් කැමති සමාජ චින්තනයත් ඒ අයට අනුගමනය කරන්න  පුළුවන් හැකි වටපිටාවක් ගොඩනඟා ගන්න.”

යනුවෙන් මෙහිදි සඳහන් කළේ ය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කීරිසම්බා ප්‍රශ්නයක් තියෙනවා – හාල් රටින් ගෙන්නන්නේම නෑ කියපු ඇමති නාමල් දැන් කියන කතාව

සටහන - රුවන් නෙළුගොල්ල කීරිසම්බා සහල් ආනයනය කරන්නේ සංචාරක ක්ෂේත්‍රය...

තවත් ධීවර යාත්‍රාවක් අනතුරක. දෙදෙනෙක් අතුරුදන් !

සටහන - රුවන් නෙළුගොල්ල තංගල්ල පරවිවැල්ල වරායෙන් මුහුදු ගිය බහුදින...

ලංකාවේ බැංකු කොයි තරම් ලාබ ලබනවාද ?

ලංකාවේ බැංකු වල ලාබ පිළිබඳව විවිධ දුර්මත ප්‍රචලිතව තිබෙනු...

අද (29) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 29) දිනයේදී බස්නාහිර, සබරගමුව...