*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

ගංවතුර හමුවේ පීඩාවට පත් වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 02 , කොළඹ (LNW): මේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත් වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන් තබා තිබෙන බවත්,අධික වර්ෂාපතනය හේතුවෙන් කළු ගඟ, ගිං ගඟ සහ නිල්වලා ගඟ යන ප්‍රධාන ගංඟාවන් සහ අතු ගංඟාවන් පිටාර මට්ටමට පැමිණ ඇති බැවින්, ඇතිවිය හැකි ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත් වන ජනතාවට සහන සැලසීම සඳහා මෙලෙස නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් දහයක් බුලත්සිංහල, පුවක් පිටිය, පාලින්දනුවර, වැලිපැන්න, තවලම, අකුරැස්ස සහ පනාදුගම යන ප්‍රදේශ වෙත අනුයුක්ත කිරීම සිදු කෙරුණු බව සඳහන් වේ. 

තවද, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මත ඇති විය හැකි ගංවතුර අවදානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන කඩිනමින් සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරිමට ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණය, විශේෂ යාත්‍රා බලඝණය සහ මැරීන් බලකාය ඇතුළු නාවික හමුදා අමතර සහන කණ්ඩායම් එකසිය දහසයක් සූදානමින් තබා තිබෙන බවද නාවික හමුදාව පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan