චන්ද්‍රයාගේ වසර බිලියන 4.5 ක ඉතිහාසය අනාවරණය කර ගැනීමට චීනයේ Chang’e-6 අභ්‍යවකාශ යානය සාර්ථකව සඳේ ඈත පැත්තකට ගොඩබසියි

Date:

සටහන: සශිකලා මධුෂාණි,ජුනි 02,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අඳුරු චන්ද්‍ර අර්ධගෝලයෙන් ලොව ප්‍රථම පාෂාණ සහ පස් සාම්පල ලබා ගැනීමේ සිය සුවිශේෂී මෙහෙයුම සර්තකව් ජය ගනිමින් චීනයේ කාර්ය මණ්ඩලයක් නොමැති Chang’e-6 අභ්‍යවකාශ යානයක් සඳෙහි ඈත පැත්තකට ඉතා සාර්ථකව ගොඩබස තිබේ.

සැළසුම් කළ පරිදිම Chang’e-6 මඟින් සඳෙහි අභ්‍යවකාශයට මුහුණ ලා ඇති දකුණු ධ්‍රැවය-එයිට්කන් ද්‍රෝණිය ලෙස හැඳින්වෙන යෝධ බලපෑම් ආවාටයක විද්‍යාත්මක ගවේෂණ මෙහෙයුම් සිදු කරනු ඇත. මෙමඟින්, සඳ සාම්පල කිරීම Scoop සහ drill භාවිතා කරමින්, Chang’e-6 ලෑන්ඩරය දින දෙකක් තුළ චන්ද්‍ර ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2 (රාත්තල් 4.4) එකතු කර නැවත පෘථිවියට ගෙන ඒම අරමුණු කරයි.

සෑම දෙයක්ම සැලසුම් කළ පරිදි සිදු වුවහොත්, මෙහෙයුම චීනයට චන්ද්‍රයාගේ වසර බිලියන 4.5 ක ඉතිහාසය පිළිබඳ පෞරාණික වාර්තාවක් ලබා දෙන අතර සෞරග්‍රහ මණ්ඩලයේ ගොඩනැගීම පිළිබඳ නව ඉඟි ලබා දෙනු ඇත.

මෙය සඳෙහි ඈත පැත්තේ චීනය කළ දෙවැනි මෙහෙයුම වන අතර එය වෙනත් කිසිදු රටක් ළඟා නොවූ කලාපයකි. සඳෙහි පැත්ත පෘථිවියෙන් සදාකාලිකව මුහුණ ලා ගැඹුරු සහ අඳුරු ආවාටවලින් පිරී ඇති අතර, සන්නිවේදනය සහ රොබෝ ගොඩබෑමේ මෙහෙයුම් වඩාත් අභියෝගාත්ම බව අනාවරණය වන අතර Chang’e-6 මෙහෙයුමට සම්බන්ධ චන්ද්‍ර සහ අභ්‍යවකාශ විශේෂඥයින් ගොඩබෑමේ අදියර විස්තර කළේ අසාර්ථක වීමේ අවස්ථාව වැඩිම අවස්ථාවක් ලෙසයි.

මේවන විට සඳ කඳවුරු ගොඩනැගීම සඳහා එක්සත් ජනපදය ඇතුළු රටවල් කිහිපයක් දැඩි ලෙස තරඟකාරීව ක්‍රියාත්මක වන අවදියක පසුගිය මැයි 3 වන දින Chang’e-6 ගවේෂණ යානය චීනයේ Long March 5 රොකට්ටුවෙන් දියත් කරන ලද්දේ දකුණු දිග හයිනාන් දූපතේ වෙන්චැං චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිටය. එය මෙම වසරේ ලොව තුන්වන චන්ද්‍ර ගොඩබෑම සනිටුහන් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...