*
Wednesday, June 4, 2025
spot_img

Latest Posts

ඉන්දියාවේ අනාගතයට නන්දනීය නන්දනී

නිශ්මං රණසිංහ ජුනි 02, කොළඹ LNW:

වර්ෂ කිහිපයකට පෙර ඇයගේ පාසල් වියේදී ක්‍රීඩා කරන්නට ගැටළු පිරී තිබිණ.දුවන්නට සිඳු වුයේ සපත්තුවලින් ආවරණය නොවුණ දෙපයින්ය.ඇයගේ පාද මත පළමු වරට පාවහන් අතුරනු ලැබුවේ ඇයගේ එවකට පුහුණුකරුය.එසේම තිබුණු ආර්ථික අපහසුකම්වලට ආරක්ෂක නිලධාරියෙකු ලෙස රැකියාව කළ සිය පියාට ද පිළිතුරු නොවිණ.මවගේ පාර්ශවයෙන් නෑකමට සීයා කෙනෙකු වන අයෙකු ඇයට උදව් කළේය.
මේ ඇය නමින් නන්දනී අගසාරා ය.ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ මෙවර සප්ත ප්‍රයාම සූරිය ඇයය.

ලකුණු 5,941 ක පෞද්ගලික හොඳම දක්ෂතාවත් සමඟ රන් පදක්කම ඉන්දියානු ක්‍රීඩිකාවක් සප්ත ප්‍රයාම ඉසව්වකදී ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේදී දිනූ තෙවන රන් පදක්කම වන්නේය.මිට පෙර ස්වප්නා බර්මන් (2017) සහ සෝමා බිස්වාස් (2005) ඉන්දියාව වෙනුවෙන් රන් පදක්කම් දිනා ඇත.අවුරුදු 19 දී 2023 දී පළමුව මෙම ඉසව්ව වෙනුවෙන් ආසියානු ක්‍රිඩා උළෙලේදී සප්ත ප්‍රයාම ඉසව්ව වෙනුවෙන් ලෝකඩ පදක්කම ගෙල ලා ගත් නන්දිනි මෙවර ආසියානු සූරතාවයේදී එය රන් පදක්කමක් කරද්දී වයස 21 ක් පමණි.එයින් අදහස් වන්නේ ඇයට අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණ දෙන්න නොවුණොත් නන්දනී ගැන කතා කරන්න ඇති අනාගතය මීට වඩා පළල් සහ බර එකක් බවය.


අඩි 5 අගළ් 9 ක් උස නන්දනි ය,සප්ත ප්‍රයාමයට ගැලපෙන දේහයකින් යුක්තය.ඒ දේහයේ වේගය,දරා ගැනීම මෙන්ම ඉල්පීම සහ නමණියත්වය ද පදමට සරිලන්නේය.අත්දැකීම් සමඟ වැඩෙන හැකියාවන්වලට ජය හිමිවන සප්ත ප්‍රයාම වැනි ඉසව්වකදී අවුරුදු 21 දී පාන හපන්කම් තව ඉදිරියට වර්ධනය වන දිසාවට මිස බැස යන දිශාවට ඊතලය යොමු නොවුණු එකකි.
දින දෙකක කාලයක් පුරා පැවැත්වෙන – මීටර් 100 කඩුලු පැනීම, උස පැනීම, යගුලිය දැමීම, මීටර් 200, දුර පැනීම, හෙල්ල විසි කිරීම සහ මීටර් 800 යන ඉසව් සමඟ ඔට්ටු විය හැකි කාය ශක්තියක් සහ දරා ගැනීමක් ඇති සප්ත ප්‍රයාමය යනු ජවන හෝ පිටිය ලෙස වෙන් කර හඳුනා ගන්නට නොහැකි ජවන හා පිටිය යන දෙ‘කොටසම අයිති ඉසව්වකි.එහි ජයග්‍රාහකයා තීරණය වන්නේ ජාත්‍යන්තර මලල ක්‍රිඩා සංගමයේ ලකුණු සටහනට අනුව ක්‍රිඩිකාවන්ට ඒ ඒ ඉසව්වේදී හිමිවන ලකුණු එකතු කිරීමෙන්ය.


එවැනි වෙහෙසකර ඉසව්වක ආසියාවටම අභියෝගයක් වූ නන්දිනි ගැන දැන් ලෝකයම බලා සිටිනවා නිසැකය.ඉන්දියාව වෘත්තිය ක්‍රීඩිකාවක් හැටියට ඇය ගැටළුවකින් තොරව බලා ගැනීම ගැන උනන්දු වෙන බව පැහැදිළිය.එය සෘජුවම ආණ්ඩුව ද,ආණ්ඩුවේ සහයෙන් වෙනත් ක්‍රමවේද හඳුන්වා දීමෙන්ද අපි නොදන්නෙමු.දැන් ඇයට සිය බාල සොහොයුරන් දෙදෙනා ද අම්මා ද තාත්තා ද ගැන කල්පනා කරන්නට ඇති සිතේ බරනම් අඩු බව පෙනෙයි.තාත්තා දැන් ආරක්ෂක නිලධාරියෙකු ලෙස මුර සේවයට යන්නේ නැත.ඔහු දැන් තේ කඩයක හිමිකරුවෙක්ය.


වර්ථමානයේ සජි සහ නාගරාජු යටතේ පුහුණුවන ඇයට දැන් ඇත්තේ ක්‍රිඩාවෙන් දිනන හැටි ගැන සිතීම පමණය.ඇයව රැක ගැනීමේ සංස්කෘතික සමාජය ක්‍රීඩාවෙන් බැහැරට ඇය හමුවට ප්‍රශ්න නො‘එවන එන ගැන නන්දනී සතුටෙන් විය යුතුය.තමිල්නාඩු ප්‍රාන්තයට අයත් නන්දනී මේ වන විට සංගරෙඩ්ඩි හි සමාජ සුභසාධන නේවාසික උපාධි විද්‍යාලයේ තුන්වන වසරේ සිසුවියක්ය.ලෝකයේ විශිෂ්ඨ වෘත්තීය ක්‍රීඩකයින් ඉහළ අධ්‍යාපනයක් සහිත පිරිස් ය.ලෝකය සමග ආර්ථිකව බලවත් තැනෙකට එමින් මානව සමාජය ඊට සූදානම් කරද්දි ක්‍රීඩාවට ප්‍රමුඛ තැනක් හිමි වන්නේය.ඉන්දියාව දැන් එයටත් සූදානම්ය.ඔවුන් තනන්නේ ක්‍රීඩාවට වැඩි කාලයක් සේවය ලබා දිය හැකි බුද්ධිමතුන්ය.උගතුන්ය.
ඒ අතර නන්දනීගේ සිරුරේ හැඩය නිසා ඇතැම් අය මේ වන විට ඇය සංක්‍රාන්ති කාන්තාවක බව හඳුන්වන්නට පටන්ගෙන ඇත.එහිදී ඇය ගැන හොඳින්ම දන්නා කාන්තාව වන ඇයගේ අම්මා ඉදිරිපත්ව සිය කටහඩ අවදි කළාය.


අපේ දුව 100% ක් කාන්තාවක්
අම්මා චෝදනාවලට දෙන පිළිතුර සහ විද්‍යාත්මකව ඇයගේ ශරීරයේ හෝමොන් ප්‍රතිශතයන් අතරේ ගැටුමක් ඇති වන්නට ඉඩ ඇත.එය කාලය විසින් විසඳනු ලබන ප්‍රශ්නයකි.ඒ කුමන ප්‍රශ්නයක් හමුවේ වුව කිව යුතුම දේ නන්දනී අතිශයින් දක්ෂ බවය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan