රෂිකා හෙන්නායක ජුනි 02, කොළඹ LNW :
අද සිට ලබන 07වනදා දක්වා “බදු ශක්ති” නමින් බදු සතිය ක්‍රියාත්මක වන අතර, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන්නේ, මෙම සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමටයි.
මේ අතර, 2024 – 2025 තක්සේරු වර්ෂයේ සිට අදාල බදු ගෙවීම් සම්බන්ධ වර්තාවන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට එක් කිරීම අද සිට දේශීය ආදායම් දෙපාර්තමේනතුවේ මාර්ගගත වේදීකාවක් ඔස්සේ පමණක් සිදුවන අතර එම මාර්ගගත වේදීකාව රටේ ජනතාව වෙනුවෙන් විවෘත කිරීම අද (02) උදෑසන සිදුවිය.
එය සංකේතවත් කරමින් පළමු බදු වාර්තාව දේශීය ආදායම් දෙපාර්තමේනතුවේ මාර්ගගත් වේදීකාවට එක් කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එහි දී සිදුවිය.
එහිදී ජනාධිපතිවරයා පැවසූවේ,
“බදු මුදල් ගැන ප්‍රශ්නය හුදු බදු ගෙවීම සහ බදු ලබාගැනීම ප්‍රශ්නයක් පමණක් නොව. එතැනින් එහාට ගිය ජාලගත ප්‍රශ්නයක් මෙතෙන තියෙනවා. අපිට රේගුවට, සුරාබදු එකට චෝදනා කළ හැකි වුවත් ඵලක් නෑ. මෙය එකට ගොඩගැහුණු එකිනෙකට අන්තර් සබඳතා ඇති ජාලයක්. එය බිඳිය යුතු නැද්ද ? රාජ්‍ය යාන්ත්‍රණය මීට සුදානම් විය යුතුයි. එසේ නොමැති නම් කල්තියා යන්න පුළුවන්. මම අවංකව කියන්නේ. මෙම යාන්ත්‍රණය බිඳින්නේ නැත්නම් රට අඟලක්වත් මෙතැනින් එහාට යන්නේ නෑ. අර්බුදයේ ගැඹුරටම යන්න පුළුවන්. ඒ නිසා අපි මේ කළු යාන්ත්‍රණය බිඳිනවා. ව්‍යාපාරිකයෝ සාධාරණ ලෙස ව්‍යාපාර කරලා, ඔවුන් සාධාරණ බද්දක් ගෙවනවා නම් එය ආරක්ෂා කරගැනීම රාජ්‍ය යාන්ත්‍රණයේ වගකීමක්. එනිසා බදු මුදල් ගෙවන හැමෝටම මම ආරාධනා කරනවා. “ඔබ ගෙවන්න…අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා.” රුපියලක් නාස්ති කරනවා හෝ වංචා කරනවා නම් ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න උපරිම අපි මැදිහත් වෙන බව මම සහතික වෙන්නම්.”
