මෙරට කෘෂිකර්මාන්තය නඟාසිටුවීමට චීනයෙන් අත හිත!

Date:

රෂිකා හෙන්නායක ජුනි 02, කොළඹ LNW :

කෘෂිකාර්මික සහ ඒ ආශ්‍රිත කටයුතුවලදී ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබාදීමට චීනය එකඟතාව පළකර ඇති අතර, චීනය ප්‍රකාශ කරන්නේ, කෘෂිකාර්මික කටයුතු වලට අදාලව ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සූදානම් බවයි.

චීන ශ්‍රී ලංකා කෘෂිකාර්මික කටයුතු පිළිබද විශේෂ සාකච්ඡාවක් ගොවිජන මන්දිරයේ දී පැවැත්වුණු අතර, දෙරටේ කෘෂි අංශයට සම්බන්ධ නිලධාරීන් ඊට එක්ව තිබුණි.

මෙහිදී, ශ්‍රී ලංකාවේ වත්මන් කෘෂිකාර්මික තත්ත්වය සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තුෂාර වික්‍රමආරච්චි මහතා කෙටි හැදින්වීමක් සිදුකළ අතර, වත්මන් රජය ආහාර සුරක්ෂිතතාව කෙරෙහි අවධානය යොමුකරමින් කෘෂි ව්‍යාවසයකින් බිහිකිරීම කෙරෙහි වැඩි අවදානයක් යොමුකර ඇති බව ඒ මහතා මෙහිදී පැවසීය.

චීන නියෝජිත පිරිස පැවසුවේ, ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය ලබාදෙන අතර කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ආයෝජනයට ද සූදානම් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාල විරෝධතාකරුවන් හිටපු අගමැතිගේ බිරිඳ පණපිටින් පුළුස්සා දමයි !

සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(09)දිනයේදී නේපාලයේ තරුණ...

ඊශ්‍රායලය කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගුවන් ප්‍රහාර එල්ල කරයි

සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(09) දිනයේදී...

මේ වසර තුළ පොලිස් නිලධාරීන් 350 කගේ වැඩ තහනම් කර තිබෙනවා – ඇමති ආනන්ද

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා ගතවූ කාලය...