Karol Nawrocki පෝලන්තයේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වෙයි!

0
342

රෂිකා හෙන්නායක ජුනි 02, කොළඹ LNW :

පෝලන්ත රාජ්‍ය මැතිවරණ කොමිසම මේ බව නිල වශයෙන් නිවේදනය කිරීමෙන් අනතුරුව, දක්ෂිණාංශික කොන්සර්වේටිව් අපේක්ෂක  Karol Nawrocki පෝලන්තයේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව ඈති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නව්රොකි සමස්ත ඡන්දවලින් සියයට 50.9 ක් දිනා ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කළ අතර, ලිබරල් අපේක්ෂක වෝර්සෝ හි නගරාධිපති රෆාල් ට්‍රසස්කොව්ස්කි රකාශිත ඡන්ද වලින් සියයට 49.1 ක් ලබා ගත් බව වාර්තා වේ.

එරට වේලාවෙන් රාත්‍රී 9:00 ටයි ඡන්ද විමසීම අවසන් වූ අතර, පළමු මත විමසුමේ ප්‍රතිඵල ලෙස ඉදිරියෙන් සිටියේ ට්‍රසස්කොව්ස්කි වේ. ඒ 50.3% ක ප්‍රතිශතයක් ලබා ගනිමිනි. තේරී පත්වූ ජනපති නව්රොකි එහිදී ලබා ගෙන තිබුණේ 49.7% ක ප්‍රතිශතයක් බව වාර්තා විය.