*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

වෙන්ඩ මුදල් ඇමති, අගමැති හා ජනාධිපති සිහින දකින ගරු ආචාර්ය හර්ෂ ද සිල්වා මැතිතුමා පිළිතුරු දිය යුතු ප්‍රශ්ණ කිහිපයක්..

පහත දැක්වෙන්නේ පවතින ආර්ථික තත්ත්වයට අදාළව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලද තර්ක කිහිපයකට අප වෙබ්අඩවියේ පාඨකයන්ගෙන් ලැබුණු පැණයන් කිහිපයකි.

  1. 2021 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා රජයට 2022 ජනවාරි මාසයේ තිබූ ඇ.ඩො. මිලියන 500 ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම්කර ණය ගෙවා ගන්නට බැරි වේ යැයි සිතු විට, ඔබ කෑගසමින් හිටියේ කෙසේ හෝ එය ගෙවිය යුතුයි කියලා. එහෙත් 2021 දෙසැම්බර් මාසය වන විට එම ණය ගෙවනවා යැයි කියා රජයේ පවසද්දී ඔබ කෑගැසුවේ එම ගෙවීම පැහැර හැරිය යුතු බවයි. ඔබගේ කපටි දේශපාලනික අරමුණ ඒකෙන් පැහැදිලි වෙනවා නේද?
  2. IMF වාර්තාවේ පැහැදිලිව කියා තියෙන්නේ 2020 පටන් ගැනීමේදී ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා අසීරු තත්ත්වයක තිබුණු බවයි. ඒ සඳහා වගකිව යුත්තේ ඔබ නේද?
  3. IMF එකට ගිය විට සිදුවෙන දේ ගැන ඔබ නොදන්නවාද? අද ආජන්ටිනාවේ මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය සියයට 44 යි. එම රටම පිරිහිලා තිබෙන්නේ. ඒ රටේ විරැකියාව දරුණු ලෙස වැඩි වෙලා තියෙනවා නේද? එහෙම නම්, ආජන්ටිනාව IMF වට්ටෝරුව අනුව ක්‍රියා කර මුළු රටම විනාශ වෙලා තියෙන අවධියක, ශ්‍රී ලංකාවත් එතැනටම ඇදගෙන යන්නට ඔබ වෑයම් කරන්නේ ඇයි? අපිත් IMF ගිහිල්ලා, රජයේ පඩි ගෙවන්න බැරි වුනොත් ඔබ ඒකට වග කියනවද? රැකියා ලක්ෂ ගණන් අහිමි වෙනකොට ඔබ වග කියනවද? පොලී අනුපාතය සියයට 50 දක්වා වැඩි වෙනකොට ඔබ වග කියනවාද?
  4. නව මහ බැංකු අධිපතිවරයාට උපදෙස් දී තිබෙන්නේ ඔබ කියා බොහෝ තැන්වල පැවසෙනවා. මහ බැංකු අධිපතිවරයා පොලී අනුපාතය වැඩි කරමින් සහ on-account ගනුදෙනු නවතා තිබෙන්නේ ඔබගේ උපදෙස් අනුවද? ඒ සඳහා ඔබ වගකියනවාද? ඒ හරහා රටේ දැවැන්ත බඩු හිඟයක් ඇති වෙන විට ඒ වගකීම ඔබ ගන්නවාද?
  5. අගමැතිතුමා සහ යූඑන්පී අය කියා සිටින්නේ ණය පැහැර හැරීම ඉතා බරපතළ වරදක් කියලා. එහෙත්, ඔබ දිගින් දිගටම ණය පැහැර හරින්න කියා උපදෙස් දුන්නා නේද? දැන්, ණය පැහැර හැරීමෙන් මතුවෙන අර්බුදයට ඔබ වග කියනවාද? අලුතෙන් බැංකු ණයකර ලිපි අරින්නට බැරිවෙනකොට, එහි වගකීම බාරගන්නේ කවුද? බැංකු ක්ෂේත්‍රය දැවැන්ත ලෙස අර්බුදයකට පත් වූවහොත් ඔබ ඒ අර්බුදයට වගකියනවාද?
  6. ණය ගෙවන්නට එපා කියා ඔබ කිව්වා. එහෙත්, සාමාන්‍ය පුද්ගලයෙක් දන්න විදියට, ණය පැහැර හැරියාම ඔහු ක්‍රිබ් එකට වැටෙනවා. ඊට පසුව, ඔහුට කිසිම ණයක් කිසිම කෙනෙකුගෙන් හෝ බැංකුවකින් ගන්නට බැරි වෙනවා. ඔබගේ උපදෙස් අනුව කටයුතු කරලා දැන් අපේ රටටත් සිදුවෙලා තියෙන්නේ ඒ තත්ත්වයම නේද? එහෙම සිදු වෙන කොට ඔබ ඒකෙන් අත හෝද ගන්නේ කෙසේද?
  7. නව අධිපතිවරයා ආවායින් පසුව රුපියල් බිලියන 244 ක් අච්චු ගහල තියෙනවා නේද? ඒවා කරලා තිබෙන්නේ ඔබේ අනුමැතිය ඇතිවද? ඔබ ඒකට එකඟද? මහ බැංකු අධිපතිවරයා කියා තිබෙන්නේ එසේ නොකළහොත් සමහර ගෙවීම් කරන්න බැරි වෙන බවය. ඔබ ඒකටත් එකඟද?
  8. ඔබ දැන් සාමාන්‍ය දේශපාලනඥයෙක් වෙලා නේද? එහෙම කියන්නට හේතුව තමයි, යම්කිසි දෙයක් ඕනෑම රජයක් කළ විට ඔබ ඒකට විරුද්ධ වෙන නිසා ඔබ තව ටික කලකින් අද කියන සියලු දේවල් වලින් ඈත් වෙලා, අලුත් මුදල් ඇමතිතුමාටයි මහ බැංකු අධිපතිවරයාටයි ඇඟිල්ල දික් කරන්න පටන් ගන්න කාලය වැඩි දුරක් නෑ නේද? එසේ නම්, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ආචාර්ය මර්වින් ද සිල්වා අතර කිසිදු වෙනසක් තිබෙනවාද?

සංස්කාරක සටහන: ඉහත දක්වා ඇති කරුණු කෙරේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ට පිළිතුරු ලබා දීමට අවශ්‍ය නම්, පිළිතුරු ලබා දීමේ අයිතියට ගරුකරමින් ඊට කිසිඳු පැකිලීමකින් තොරව හා වාරණයකින් තොරව එම පිළිතුරු අප වෙබ් අඩවියේ පළ කිරීමට ඉඩ අවකාශය ලබා දීමට ද අපි කැමැත්තෙමු.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan