අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට විදේශයන්ගෙන් මුදල් ලැබුණු ආකාරය සම්බන්ධයෙන් කොමිසමක් පත් කර සොයා බලන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඒ, අද (13) ශ්‍රී අලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කෙසේ හෝ අරගලය මෙහෙයවූ පිරිසක් රජ වීමත් ඒ වෙනුවෙන් බිල්ලට ගිය තවත් 12ක් එල්ලුම් ගස් යාමත් සිදුව ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

”අරගලය සම්බන්ධයෙන් සහ එයට විදේශයන්ගෙන් ලැබුණු මුදල් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත්කරලා ඒ කාරණය පිළිබඳ හොයනවා. මොකද ඇමරිකානු වර්තමාන ජනාධිපතිවරයා පවා ලංකාව සහ බංග්ලාදේශය ඇතුළු රටවල් කිහිපයක ආණ්ඩු වෙනස් කරන්න විදේශ මුදල් ආයෝජනය කරපු ආකාරය පිළිබඳ USAID හරහා මුදල් ආයෝජනය කරන්න කියන කාරණය සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ පැහැදිලිවම මේ අයට විදේශ රටවලින් මුදල් ආවා. ඒ නිසානේ අරගලයේ හිටපු සමහර අය සමාජ මාධ්‍යට ඇවිල්ල කියන්නේ අපි වාහන ගත්තා. අපි ගෙවල් ගත්තා. අපි රට ගියා. ඒ එක්කම තමන්ට වාහනය ගන්න, ගෙවල් ගන්න, රට යන්න බිල්ලට ලක්වෙච්ච දරුවෝ අද එල්ලුම් ගස් ගියා. අරගලයේම එක කොට්ඨාසයක් වාහන ගන්නයි, එක කොට්ඨාසයක් මැති ඇමතිවරු වෙන්නයි එක කොට්ඨායක් ගෙවල් ගන්නයි තවත් කොට්ඨාසයක් පිටරට ගිහින් පදිංචි වෙන්නයි තවත් 12ක් එල්ලුම් ගස් යන්නයි බෑනේ. ඒ කියන්නේ මේ කාරණය සම්බන්ධයෙන් මෙහෙයවපු අය රජවුණා අනිත් අය එල්ලුම් ගස් ගියා. මේක තමයි අවසානයේ සිද්ධ වුණේ.” යනුවෙන් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...