වකුගඩු රෝගින්ට ප්‍රතිකාර කිරීමේදී මතුවන ගැටලු

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):   වකුගඩු රෝගීන් සඳහා රුධිර කාන්දුකරණයේදි භාවිත කරනු ලබන කෘතිම වකුගඩුවල සහ රුධිර නාළවල දැඩි හිඟයක් පවතින බවත් , ඒ හේතුවෙන් වකුගඩු රෝගින්ට ප්‍රතිකාර කිරීමේදි ගැටලු පැන නගින බව වෛද්‍යවරු පවසති.

එසේම වෘක්කවේද කාන්දු පෙරීමේ හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ (වකුගඩු රෝහල) රෝගින් සඳහා භාවිත කරනු ලබන කෘතිම වකුගඩු සහ රුධිර නාළ ප්‍රමාණවත් වන්නේ තවත් සතියක පමණ කාලයකට පමණක් බවත් , වකුගඩු පරිත්‍යාගශීලින් විසින් වකුගඩු පරිත්‍යාග කිරීමේ අඩුවක් පවතින බැවින් හැකියාවක් ඇති පුද්ගලයන්ට වකුගඩු රෝහලට වකුගඩු පරිත්‍යාග කිරීමට අවස්ථාව ඇති බව රෝහල් පාලනාධිකාරිය දැනුම් දෙයි.

විශේෂඥ වෛද්‍යවරු ප්‍රකාශ කරන්නේ , මේ වනවිට මෙරට වකුගඩු රෝගින්ගේ වැඩිවීමක් පෙන්නුම්කරන අතර, මසකට වකුගඩු රෝගින් 100 ක් 150 ක්  අතර ප්‍රමාණයක් වාර්තාවන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...