වයසත් සමඟ ගෙවන ජීවිතේට, පස්වන විවාහ ගිවිසත් එක්කරගත් Rupert Murdoch!

Date:

සටහන – පුන්සරා ලියනගේ

ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයසට බම්බු ගහගන්න කියමින් 93 වියෙහි දී පස්වන වරටත් සිය විවාහ ගිවිස ගත් Rupert Murdoch පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Rupert Murdoch; Sky (2018 දක්වා), 21st Century Fox (2019 දක්වා) සහ දැන් අක්‍රිය වූ News of the World හි හිමිකරු ද විය. 2022 මාර්තු 2 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 21.7 ක ශුද්ධ වටිනාකමක් ඇති Murdoch, Forbes සඟරාවට අනුව එක්සත් ජනපදයේ 31 වන ධනවත්ම පුද්ගලයා වන අතර ලෝකයේ 71 වන ධනවත්ම පුද්ගලයා වේ.

මාධ්‍ය අධිපති Murdoch මෙලෙස සිය විවාහ ගිවිස ගෙන ඇත්තේ 67 හැවිරිදි විශ්‍රාමික අණුක ජීව විද්‍යාඥවරියක වන Elena Zhukova සමඟ කැලිෆෝනියාවේ පිහිටි ඔහුගේ මිදි වත්ත සහ වතුයාය වන Moraga හි පැවති විවාහ උත්සවයකදීය.

sky news

මොස්කව් සිට පැමිණි Zhukova මහත්මිය සුදු ඇඳුමකින් සැරසී සිටි අතර Murdoch මහතා තද පැහැති ඇඳුමකින් සැරසී සිටියහ. මෙම යුවළ පසුගිය වසරේ දී පැවති සුහඳ හමුවකදී එකිනෙකා හමුව ඇති බවට සඳහන් වේ.

Murdoch මහතා 2022 අගෝස්තු මාසයේදී ඔහුගේ සිව්වන බිරිඳ ජෙරී හෝල් සමඟ දික්කසාද විය.

වයස කියන ඉලක්කමෙන් උපරිම ප්‍රයෝජන ගනිමින්, ජීවිතේ විදින්න තියෙන කාලේ ජීවිතය විදිමින් තමන් කැමති අකැමති දෑට මූලිකත්වය දීමේ මෑත කාලීන නිදසුන ලෙස මාධ්‍ය අධිපතිවරයා කදිම නිදසුනකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...