*
Wednesday, December 11, 2024
spot_img

Latest Posts

සමීක්ෂණ විද්‍යාත්මක නෑ..! නිහඬ බහුතරයේ හඬ නියෝජනය කළ හැකි දේශපාලන ව්‍යාපාරයකට පාඨලීගෙන් ආරාධනා..!

කොළඹ LNW:බංකොලොත් භාවයට පත් කරන ලද ජනතාවගේ දුක නිවන ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ වැඩපිළිවෙළ පදනම් කරගනිමින්, ඒ සඳහා එකඟ වන පාර්ශවයන් සමග එක්ව නව ජනාධිපතිවරයෙක් , නව පාර්ලිමේන්තුවක් නව ජනරජයක් සඳහා තමන් සුදානම් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

රටේ මේ වන විට පවත්වන දේශපාලන සමීක්ෂණ විද්‍යාත්මක නොවන බවත් නිහඬ බහුතරයේ හඬ නියෝජනය කළ හැකි දේශපාලන ව්‍යාපාරයකට ඉඩක් පවතින බවත් හෙතෙම සඳහන් කළේ පසුගියදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති එක්සත් ජනරජ පෙරමුණේ ජාතික මහා සමුළුව අමතමිනි.

බත් පැකට් එකට හෝ වෙනයම් පෞද්ගලික ප්‍රතිලාභයක් වෙනුවෙන් නොව ස්වේච්ඡාවෙන් තමන්ගේ අරමුණු රටේ අරමුණු බවට පත් කරගනිමින් පැමිණි ජනතාවට ජනරජ නායකයා එහිදී තම ස්තූතිය පළකළේය.

බංකොලොත් රටවල දේශපාලනය ආදර්ශයට ගෙන සංකීර්ණ ප්‍රශ්නවලට සරළ විසඳුම් ලබාදෙන ලාබ ජනකාන්තවාදීන් ලංකාවේ බලය ඉල්ලමින් සිටින අතර ටෙස්ට් කරමින් බලය අත්හදා බැලීම්වලට අද ඉඩක් නැති බවයි රණවක මහතා සඳහන් කරන්නේ.

ආර්ථික ස්වෛරීත්වය ස්ථාපිත කිරීම සඳහා ස්ථාවර දේශපාලන තීරණයක් ගත යුතුව තිබෙන බවත් ඊළඟට එන ජනාධිපති කවරෙක් වුවත්, කුමන ආණ්ඩුව වුවත්, ණය ආපසු ගෙවීම සඳහා ස්ථාවර, තිරසර වැඩපිළිවෙළකට යා යුතු බවත් හෙතෙම පෙන්වා දෙයි.

”ප්‍රශ්නය ආර්ථිකයද..? විකල්පයක් නැති ද..? ජනාධිපතිවරයා තාවකාලික ස්ථාවරත්වයක් ඇති කර තිබෙනවා. අර්බුදයට කිසිම ආකාරයක දායකත්වයක් නැති පිරිසට සියලු ආකාරයේ බර යොදමින් අර්බුදයට වගකිව යුතු පිරිස නිදොස් කොට නිදහස් කොට තිබෙනවා. දිනපතා විදුලිබිල, ඉන්ධන සහ හැමදෙයකින් ම ජනතාව පිට බර පටවා තිබෙනවා. බදු ගෙවිය යුතු පිරිසගෙන් බදු අය කර ගැනීමට කටයුතු කිරීමක් නැහැ. ප්‍රභූවාදය සහා නිර්ප්‍රභූවාදය සහ පන්ති බේදයක් ගැන සමහරු කතා කරනවා. සර්වජන ඡන්ද බලය, නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය හේතුවෙන් ප්‍රභූ පන්තිය දුර්වල වී තිබෙනවා. පන්ති හෝ ප්‍රභූවාදයක් වෙනුවට අද සමාජයේ දේශපාලන පාතාලයක් බිහි වී, දේශපාලනය මෙහෙයවමින් තිබෙනවා. කුසලතාව මත පදනම් වී ජනරජ පෙරමුණ බිහිවන්නේ දේශපාලන සහ ආර්ථික නිදහස සඳහා වූ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා.

සෘජු ක්‍රියාමාර්ගයක් මගින් රටේ ජනාධිපති, අගමැති එළවා දැම්මේ ජනතාවගේ ආර්ථික පීඩනය හමුවේ. ඉදිරියේ දී බලයට පත්වන ඕනෑම කෙනෙක් ජනතාවගේ ආර්ථික නිදහස ලබා නොදුන්නහොත්, අරගලයකට හෝ පරගලයකට හෝ මුහුණ දීමට සූදානම් විය යුතුයි. වාද විවාද පවත්වනවා වෙනුවට වැඩපිළිවෙල හා වැඩකරන හැටි ගැන ඕනෑම කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න අපි සුදානම්. අපට තව අවුරුදු තුනක් තිබුණා නම් කොළඹ එක පැල්පතක් නැති නගරයක් බවට පත් කරන්න තිබුණා. එක සතයක්වත් රජයෙන් අරගෙන නෙමෙයි. නාගරික සංවර්ධන අධිකාරියට සල්ලි ඉතුරු කරලයි අපි ආවෙ. අපි අද මෙතනට ආවෙ, වැඩ කරලා..!.අපේ අනාගතය Desktop factory හරහා ඉදිරියට ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙළක් අපි ඉදිරිපත් කරලා තියෙනවා.

දැන් පවත්වන ගොඩාක් සමීක්ෂණ අවිද්‍යාත්මකයි. නිහඬ බහුතරයේ හඬ නියෝජනය කළ හැකි දේශපාලන ව්‍යාපාරයක් සඳහා අපි දූෂණයට හසු නොවූ, බංකොළොත් බවට වගකිය යුතු නැති අයට අපි ආරාධනා කරනවා. පැරණි බෝල්ෂෙවික්වාදී අයටොල්ලලාට රටේ අනාගතය නාස්ති කරන්න ඉඩ දෙන්න එපා. යටින් එකක් තියාගෙන උඩින් එකක් පල කරනවා වෙනුවට විවෘතව අදහස් පලකිරීම සියලු දේශපාලන පක්ෂවලට අවශ්‍යයි.” යනුවෙන් රණවක මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan