විජයදාසට එරෙහි වාරණය දීර්ඝ කරයි!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන 14 වැනිදා දක්වා කොළඹ දිසා අධිකරණය අද (03) තවදුරටත් දීර්ඝ කළේය.

ඒ පැමිණිල්ල කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය..

එම පැමිණිල්ලේ විභාගය කොළඹ අතිරේක දිසාව විනිසුරු චමරි වීරසුරිය මහත්මිය හමුවට යොමු කරන අතර අනතුරුව නඩුව එම විනිසුරුවරිය ඉදිරියේ කැඳවන බවටයි දිසා විනිසුරුවරයා පැවසුවේ.

එම අවස්ථාවේදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජයමුදිතා ජයසූරිය මහත්මිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුවට අදාළ විරෝධතා ගොනුකිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලාසිටින ලදී.

ඒ අනුව විරෝධතා ගොණු කිරීමට කල් ලබාදුන් විනිසුරුවරිය නඩුව නැවතත් ලබන 14 වනදා කැඳවන ලෙස නියෝග කළාය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...