ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් සූරයන් දකුණෙන් – සූරියන් වයඹෙන්

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 03, කොළඹ (LNW): මීගමුව ඒත්තුකාල මුහුදු වෙරළ තීරයේ දී 48 වන ජාතික ක්‍රීඩා තරගාවලියේ වෙරළ වොලිබෝල් අවසන් තරග ජූනි 02 වන දා ප.ව 2:30 ට පැවැත්වුණා.

ක්‍රීඩා හා යෞවනකටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක් ව සංවිධානය කරනු ලබන ජාතික ක්‍රීඩා තරගාවලියේ 2024 සඳහා වෙරළ වොලිබෝල් පිරිමි සූරතාවය දිනා ගන්නට දකුණු පළාත් කණ්ඩායම සමත් වුණා.කාන්තා සූරියන් වූයේ වයඹ පළාත් කණ්ඩායමයි.


මෙම අවස්ථාවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ශේමාල් ප්‍රනාන්දු ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ අතර, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස දකුණු පළාතේ නාමල් පුෂ්පකුමාර ඇගයීමට ලක් වූ අතර දක්ෂතම ක්‍රීඩිකාව ලෙස වයඹ පළාතේ දිනේෂා ප්‍රසාදිනී නම් කෙරුණා.

පහතින් දැක්වෙන්නේ තරගාවලියේ ස්ථාන බෙදී ගිය ආකාරයයි.

කාන්තා තුන්වන ස්ථානය : දකුණු පළාත් කණ්ඩායම

පිරිමි තුන්වන ස්ථානය : සබරගමු පළාත් කණ්ඩායම

අනුශූරතාව (කාන්තා) නැගෙනහිර පළාත් කණ්ඩායම

අනුශූරතාව (පිරිමි) වයඹ පළාත් කණ්ඩායම
තරගාවලිය සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහතා සහභාගී වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාවික හමුදාව යාපනෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 150 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාව විසින් අද (27) අලුයම...

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...