අපේ නගරාධිපතිගේ වැඩට බාධා කළොත් පොලිසියයි අල්ලස් එකයි පැය 24ම මොරටුවට දාලා හොරු පන්නනවා – අධිකරණ ඇමති

Date:

මොරටුව නගරාධිපතිවරයාගේ වැඩපිළිවෙලට විපක්ෂය බාධා කරන්නේ නම් තමන්ට ඕනෑම වේලාවක පවසන ලෙසත්, පොලීසිය සහ අල්ලස් කොමිසමේ නිලධාරීන් පැය 24ම හෝ මොරටුව නගර සභාවට යොදවා විපක්ෂයේ හොරුන් නගර සභාවෙන් පන්නා දැමීමට තමන් කටයුතු කරන බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.

“මීට කලින් කතා කරපු සභික මහත්තයෙක් කිව්වා 2006 ඉඳන් 2023 වෙනකල් මොරටුව සංවර්ධනය කරපු කතාවක්. මොරටුව කෙසේවෙතත් හිටපු නගරාධිපතිගේ බැංකු ගිණුම් සංවර්ධනය වුණා. හිටපු නාගරික මන්ත්‍රීලා තමන්ගෙ ගිණුම් සංවර්ධනය කළා. හොරාකෑවා, විනාශ කළා, තාමත් ලැජ්ජා නැතිව මයික් එක ඉස්සරහට ඇවිල්ලා කියනවා අපි කළා ලු. පිස්සු නැත්නම් ශෝක්. සහෝදරයා, සහෝදරිය, විහිළු කරන්න ලෑස්ති වෙන්න එපා. ඕගොල්ලො ඔච්චර හොඳට කළා නම් මොරටුවෙ මිනිස්සු අපිව ගේන්නෙ නෑ. මේ රට, මේ ගම අයිති මොරටුවේ ජනතාවට මිසක්කා කාලකන්නි හොරාකන දේශපාලනඥයින්ට නෙවෙයි කියන එක පැහැදිලිවම කියනවා. ඒ වගේම තව ඉදිරියට කවුරුහරි හිතනවා නම් මහජන මුදල් වංචා කරන්න, මහජන මුදල් හොරාකන්න, අපේ නිශාන්ත සහෝදරයාගෙ නායකත්වය යටතේ ඒකට ඉඩදෙන්නෙ නෑ. ඔහුගේ වැඩපිළිවෙලවලට බාධා කරනවා නම් ලේකම්තුමනි, ඕනෙ වෙලාවක කියන්න, මේ රටේ සංවර්ධනයට බාධා කරනවා නම් පොලිසියත් අල්ලස් එකත් පැය 24ම හරි මෙතැන තියලා මේ හොරු ටික මෙතනින් පන්නනවායි කියන කාරණයත් කියන්න ඕනෙ. ජනතාවනි, අන්න ඒ දේට අපට සහාය දෙන්න”

අධිකරණ අමාත්‍යවරයා මේ බව පැවසුවේ මොරටුව නගර සභාවට අභිනවයෙන් පත්වූ මන්ත්‍රීවරුන් වැඩ ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවට ඊයේ (02) සම්බන්ධ වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියඹලාණ්ඩුව “රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

ජාතික පද්ධතියට වාර්ෂිකව ගිගාවොට්පැය 219ක දායකත්වයක් සහිතව , වසර...

වෙනිසියුලාවට එරෙහිව F-35 රහසිගත ප්‍රහාරක ජෙට් යානා යෙදවීමට ට්‍රම්ප් නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව හා...

පන්ජාබය එකම ජලාශයක් බවට පත්වේ; ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන්

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දින ගණනාවක්...

අපරාධ මඩින්න සිවිල් කාර්ය බළකායෙන් 20,000ක් පොලීසියට!

කොළඹ LNW:අපරාධ මැඩලීම සහ පොලීසියට සහයක් වශයෙන් සිවිල් කාර්ය...